gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දොඩම්ගස්ලන්දේ පන්සලට වෙඩි තිබ්බ හේතුව හෙළිවෙයි! දායකයෙක් එක්ක වෙච්ච බහින්බස් වීමකට මරණ තර්ජන කරලා! සැකේට හාමුදුරුවො නිදාගන්න ඇඳ මාරුකරපු නිසා ජීවිතේ බේරිලා! තිබ්බ වෙඩිල්ලේ උණ්ඩය ඇඳ උඩ!

දොඩම්ගස්ලන්ද උඩත්තාපොළ උත්තුංගාරාම පුරාණ විහාරස්ථානයට දුරුතු ⁣පුන් පොහොය උදා වූ ඊයේ (25) අලුයම් කාලයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව මදුරාගොඩ පොලිසිය පැවසීය.

විහාරාධිපති ගල්නෑවේ පඤ්ඤාකිත්ති හිමියන් වැඩවසන කාමරයේ ජනේලයකට වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණද පඤ්ඤාකිත්ති හිමියන් එම අවස්ථාවේදී ලැගුම් ගෙයි වෙනත් ස්ථානයක සැතපී සිටි බැවින් උන් වහන්සේට හානියක් සිදුව නැති බවද පොලිසිය සඳහන් කළේය. පොලිස් පරීක්ෂණවලට අනුව රයිෆල් තුවක්කුවකින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන අතර, එම වෙඩිල්ලට අයත් එක් උණ්ඩ කොපුවක් විහාරාධිපති හිමියන් සැතපෙන ඇඳට වැටී තිබියදී පොලිසියට හමුව තිබේ

විහාරස්ථානයේ අලුත්වැඩියා කටයුත්තක් සම්බන්ධයෙන් විහාරස්ථානයේ දායකයකු හා විහාරාධිපති හිමියන් අතර වසරක පමණ කාලයක සිට අමනාපයක් පවතින බවත්ඒ සම්බන්ධයෙන් දෙදෙනා අතර පසුගිය දිනක ඇති වූ බහින්බස් වීමකින් පසුව තමන්ට ඔහු මරණීය තර්ජන එල්ල කළ බවත් පවසමින් හිමියන් මදුරාගොඩ පොලිසියට පැමිණිල්ලක් කර තිබූ බවද වාර්තා වේ. එම පැමිණිල්ල අද (26) දිනයේ විභාගයට ගැනීමට නියමිතව තිබියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබිණ.

පඤ්ඤාකිත්ති හිමියන් සැතපෙන ඇඳ ඉලක්ක කර ජනේලය හරහා වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙන අතර, එල්ල කර තිබූ මරණීය තර්ජනය නිසාම හිමියන් දින කිහියක සිටම වෙනත් ස්ථානයක රාත්‍රියේ සැතපීම හේතුවෙන් වෙඩි ප්‍රහාරයෙන් බේරී ඇති බව අනාවරණය විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පඤ්ඤාකිත්ති හිමියන්ට මරණීය තර්ජනය එල්ල කළ පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුණෑගල දිසාව බාර නියොජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් අනුව මදුරාගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වීරරත්න බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka