සනත් නිශාන්ත අනතුරට හේතුව කුඩ්ඩන් වයර් කැපීම..
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට හා ඔහුගේ ආරක්ෂක නිලධාරියාට මරණයට පත් කරමින් සිදුකරමින් සිදු වූ රිය අනතුරට හේතුව කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ඇති දැඩි අඳුරු ස්වභාවය දැයි සැකයක් ඇත.
මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු පැවසුවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් විසින් මාර්ගය දෙපස භූගත විදුලි රැුහැන් කපාගෙන යාම නිසා විදුලි ලාම්පු කණු සවිකර ඇතත් මාර්ගය දැඩි අඳුරේ පවතින බවයි.
මෙම සොරකම් වැළැක්වීමට පොලීසිය ද මැදිහත් වී දැඩි උත්සාහයක් ගත්තද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන පුද්ගලයන් යළි යළිත් එම කටයුත්තේම නිරත වීම හේතුවෙන් අධිවේගී මාර්ගය මේ වන විට දැඩි අනාරක්ෂිත තත්ත්වයට පත්ව තිබේ.
සනත් නිශාන්ත අනතුරට හේතුව කුඩ්ඩන් වයර් කැපීම..
2024-01-26T15:18:00+05:30
Gossip Lanka Hot News






