අල් කයිඩා ත්‍රස්ත සංවිධානය පෝෂණය කිරීම සඳහා ආධාර අනුබල ලබා දී දැනට විදේශගතව සිටිනවා යැයි කියන සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් රතු වරෙන්තුවක් නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ අද (26)නියෝග කළේය.
ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් අනුව මෙම රතු වරෙන්තු නිකුත් කළේ ඕස්ට්‍රේලියාවේ සහ සිරියාවේ පදිංචි යැයි කියන අහමඩ් කලිල් ලුක්මාන් තලීබ්, අහමන් ලුක්මාන්ඩ් හලීන්, අබ්දුල් බාහින් මොහොමඩ් ලෙබ්බේ සහ මොහොමඩ්පාහීර් රිපන් නමැති පුද්ගලයින් සිව් දෙනාටය.
ඔවුන් ලංකාවේ කල්එළිය සහ කලගෙඩිහේන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින්ය.
ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය මගින් අල් ඛයිඩා සංවිධානයට ආධාර උපකාර කළ බවට චෝදනා ලද සැකකරුවන් දාසය දෙනෙකුට 2021 වසරේදී නඩු පවරා ඇති අතර එම සැකකරුවන් අතරින් සිව් දෙනෙකුට මෙසේ රතු වරෙන්තු නිකුත්කර තිබිණි.
මෙම පැමිණිල්ලට අදාළව අධිකරණයට ඉදිරිපත් කළ තවත් සැකකරුවන් පස් දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කර ඇති අතර එම නඩුව මේ වන විට විභාග වෙමින් පවතී.
නඩුවේ පළමු, දෙවන ,නම වන සැකකරු හා දාසය වෙන සැකකරු මෙසේ විදේශගතව ඇති බවට දිවුරුම් පෙස්සමක් අධිකරණයට ඉදිරිපත් කරමින් සාක්ෂි දුන් විමර්ශන නිලධාරියා සඳහන් කර සිටියේය.
-රෝෂන් තුෂාර
– ලංකාදිප