gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘මේ රටේ ජීවත් වී පලක් නෑ’ කියා පූජකයා සයනයිඩ් කා මිය යයි.. අනුගාමිකයන්ටත් සයනයිඩ් බෙදයි..

උග්‍ර වසක් ශරීරගත කරගෙන මිය ගිය සැමියාගේ අවමඟුල් කටයුතු සිදු කළ දාට පසුදිනම බිරිය දරුවන් තිදෙනකු සමඟ වස ශරීරගත කරගෙන මාලඹේ කහන්තොට පාර අරුණ පෙදෙසේ නිවසක් තුළ මියගොස් සිටියදී ඊයේ (31) දින අලුයම හමු වූ බව මාලඹේ පොලිසිය පවසයි.

මහපු කෝරළලාගේ රුවන් ප්‍රසන්න ගුණරත්න නම් 46 හැවිරිදි පුද්ගලයාද සයනයිඩ් ශරීරගත කරගෙන සියදිවි නසා ගැනීම නිසාවෙන් පැවැති අවමංගල්‍ය අවස්ථාවේ අවසන් කටයුතු සිදු කළ ඉකුත් 30 දින රාත්‍රී පවුලේ අනෙක් පිරිසද මෙලෙස සියදිවි හානි කර ගෙන ඇතැයි සැක කරන බවද පොලිසිය පවසයි.

අවමංගල්‍ය උත්සවය පැවැති නිවෙසේ කාමරයක් තුළ මුඛයෙන් සෙම වැනි යමක් වැගිරී තිබීම නිසාවෙන් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට රැගෙන ගොස් ඇතැයි ද ඒ වන විටත් සිවු දෙනාම මියගොස් සිට ඇතැයි වෛද්‍යවරුන් දන්වා ඇතැයි ද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාකුඹුර කොට්ටාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එම පවුලේ මව වන උදාරි නිසංසලා සේනාරත්න (35) ලොකු පුතා වන ආදිත්‍ය ප්‍රතාප ගුණරත්න (09) දෙවන පුතා වන ආර්ය ප්‍රතාප ගුණරත්න (08) සහ බාල දියණිය වන ආරාධ්‍යා ප්‍රභාවී ගුණරත්න (06) යන අය වෙති.

මෙම පවුලේ පිරිස විදෙස් රටකට යාම සඳහා පොලොන්නරුව ප්‍රදේශයේ තිබූ දේපළ විකුණා දමා එම විදෙස්ගත වීම පිළිබඳව වැඩ කටයුතු සිදු වන තුරු හෝමාගම මාකුඹුර ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගත් නිවසක පදිංචිව සිට ඇති බවත් එහි සිටි අතරතුර පියා සයනයිඩ් ශරීරගත කරගෙන සියදිවි හානි කර ගෙන ඇති බවත් අනාවරණය වූ බව මාලඹේ පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

එලෙස මිය ගිය මහප්පු කෝරළලාගේ රුවන් ප්‍රසන්න ගුණරත්න යන අය බුදු දහම සම්බන්ධයෙන් දේශනා පවත්වන්නකු බවත් දිවයින පුරා ඔහුගේ අනුගාමිකයන් රැසක් සිටින බවත් පසුගිය දෙසැම්බර් 26 වෙනි දින ද ඔහු අනුගාමිකයන් ගෙන්වා දේශනාවක් පවත්වා ඇති බවත් එහිදී මේ රට විනාසයි මේ රටේ ජීවත් වී පලක් නැතැයි පවසමින් දේශනා පවත්වා ඇති බවත් අනාවරණය වූ බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

මෙලෙස සියදිවි හානි කරගත් පවුලේ සියලු දෙනාටම සයනයිඩ් වැනි විසක් හමුවීම පිළිබඳවත් දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් පවතින බවත් ඔහුගේ අනුගාමිකයන් සියලු දෙනා වෙත ද මේ ආකාරයෙන් අදාළ විස ද්‍රව්‍ය බෙදාහැර ඇත්දැයි සැකයක් පවතින බැවින් මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කරමින් සිටින බවත් අදාළ උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

මාලඹේ කහන්තොට නිවසේදී මිය ගිය සිව් දෙනා පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය විසින් එම දේහයන් තබා ඇති මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ගොස් පැවැත් වූ අතර, නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ මාලඹේ පොලිසියේ අපරාධ විමර්ශනය ඒකකයේ නිලධාරීහු පොලිස් පරීක්ෂණ සිදු කරති.

මීගොඩ – බී.කේ. කත්‍රිආරච්චි,
කොට්ටාව – ප්‍රදීප් කුමාර
– Dinamina
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka