gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගන්න ඕන තීරණ දැනටමත් අරගෙන ඉවරයි... දෝෂාරෝපණය කරන්න අයිතිය තියෙන්නේ මට විතරයි... රටේ ආර්ථිකය ගොඩනැගීමේ සටන අප ඉදිරියේ තියනවා - ජනපති කියයි

නිවැරදි තීන්දු තීරණ සමඟ මෙම වසර තුළ ශ්‍රී ලංකාව ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා රැගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ වෙනුවෙන් ගතයුතු අසීරු තීරණ මේ වනවිට ගෙන අවසන් බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

දෝෂාරෝපණයට ලක් වුවද තමන් එම තීරණ ගත්තේ රට වෙනුවෙන් බවත්, රට රැක ගැනීමට අනෙකුත් දේශපාලනයන්ට ද ඇති වගකීම හඳුනාගෙන කටයුතු කිරීමට නව වසරේදී සියලුදෙනා එක්වනු ඇති බවටත් අපේක්ෂා කරන බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ බත්තරමුල්ල අකුරේගොඩ හමුදා මූලස්ථානයේ ස්ථාපිත කෙරුණු නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කිරීමේ උත්සවයට අද(01) එක්වෙමින්.

ගුවන් හමුදා මූලස්ථානය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුදා උත්තමාචාර සහිතව අභිමානවත් අයුරින් පිළිගැනුණු අතර අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.

ගුවන් හමුදාව විසින් පවත්වන ලද උත්තමාචාර පෙළපාලිය නිරික්ෂණය කිරීමට ද ජනාධිපතිවරයා එක්වුණා.

ඒ සමඟ ගුවන් හමුදාවට අයත් ගුවන් යානා ඉහළ අහසේ පියාසර කරමින් ජනාධිපතිවරයා වෙත උත්තමාචාර පුද කිරීමද සිදුකෙරුණු අතර අනතුරුව ගුවන් හමුදා සාමාජිකයන් සමඟ සුහද කථා බහකට ද එක්වූ ජනාධිපතිවරයා උදා වූ නව වසර වෙනුවෙන් ඔවුන්ට සුබපැතුම් පළ කළා.

එහිදී උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ වසර 73 ක ඉතිහාසය තුළ ගුවන් හමුදාව මෙරට ත්‍රස්තවාදී යුද්ධයේදී මෙන්ම, අභ්‍යන්තර කෝලාහාලවලදී සහ ආපදා තත්ත්වයන්ගෙන් ජනතාව මුදා ගැනීමට කළ මෙහෙවර අසීමිත බවයි.

"ඉදිරියේ දී ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ආරක්ෂක කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේදී ගුවන් හමුදාවට පැවරෙන කාර්යභාරය අති මහත් බව කිවයුතුයි.. ඒ වගේම නව දැනුම සහ නව තාක්ෂණය සමඟ අපේ හමුදාවන් ඉදිරියට යා යුතුයි.. ජාත්‍යන්තරයේදී මතුවිය හැකි ගැටලු කලින් හඳුනාගෙන ඊට පිළියම් සෙවීමට එම නවීන ආරක්ෂක දැනුම මගින් හැකියාව ලැබෙනවා..

අද රටේ ආර්ථිකය ගොඩනැගීමේ සටන අප ඉදිරියේ තිබෙනවා.. එය අප සියලුදෙනාගේ වගකීමක් බවට පත්ව තිබෙනවා.. මම ජනාධිපති ධූරයේ වගකීම භාරගන්නා විට රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටිලයි තිබුණේ.. ඒ අනුව රටේ ආර්ථිකය ගොඩගැනීමේ වගකීම මට භාර කෙරුණා.. මෙහීදී දේශපාලනය කරනවාද, එසේ නොමැතිනම් රටේ ආර්ථිකය ගොඩනැගීම උදෙසා සෘජුව කටයුතු කරනවාද යන්න පිළිබඳ මට කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමට සිදු වුණා..

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ නිවැරදි වෙලාවට ගත යුතුයි.. මෙම වසරේ රටේ ආර්ථික වර්ධන වේගය 3%ක් බවට පත් කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.. මෙම වැඩපිළිවෙළ සමග ඉදිරියට ගියහොත් 2026-2027 වන විට ආර්ථක වර්ධන වේගය 5%ක් කර ගැනීමේ හැකියාව තිබෙනවා..

අප පසුගිය වසරේ රුපියල් ට්‍රිලියන 3.1ක රාජ්‍ය ආදායමක් උපයා ගත්තා..එම ප්‍රමාණය අපේ දළ දේශීය නිෂ්පාදනයෙන් 12%යි.. අපි 2026 වන විට එය දළ දේශීය නිෂ්පාදනයෙන් 15%කට ගෙන ආ යුතුයි.. මෙම 2024 වසරේ රුපියල් ට්‍රිලියන 4.2ක් රාජ්‍ය ආදායමක් ලබා ගැනීමට අපට තිබෙනවා.. වැට් බදු නැවත සංශෝධනය කිරිමට සිදු වුණේ ද ඒ සඳහායි.. ඒ වගේම ප්‍රාථමික අතිරික්තය බලාපොරොත්තු වෙන්න පුළුවන් දශම 8ක්.. නමුත් 2025 වන තෙක් එය 2.3කට පවත්වාගෙන යා යුතුයි.. මෙම ඉලක්ක සමග අපට ඉදිරියට යාමට තිබෙනවා.. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ නිවැරදි වැඩපිළිවෙළකට අප දැන් අවතීරණ වී සිටිනවා..

මෙය අසීරු කටයුත්තක් බව මම දන්නවා.. දුෂ්කරතා තිබෙනවා.. නමුත් මේ පිළිබඳ කිහිප වතාවක් සිතීමට මට සිදු වුණා.. මෙම තීරණ ගත්තේ නැත්නම් අපට නැවත පසුගිය ආර්ථික අර්බුදයට මුහුණදීමට සිදු වෙනවා.. නමුත් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළොත් රටට යහපත් අනාගතයක් උදා කර ගැනීමට හැකියාව තිබෙනවා.. ඒ නිසා මම රට වෙනුවෙන් මෙම තීන්දු තීරණ ගත්තා..

මම ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තේ ජනප්‍රිය වීමට නොවෙයි.. මේ රට ගොඩනගා ඔබටත්, ඔබේ දරුවන්ටත් යහපත් අනාගතයක් සකස් කර දීමටයි.. ඒ නිසා අසීරුවෙන් වුවද මෙම තීන්දු ගැනීමට සිදු වෙනවා.. මම අගමැතිතුමාට සහ කැබිනට් මණ්ඩලයටත් මේ බව දැනුම් දුන්නා.. ඔවුනුත් ඊට එකඟ වුණා.. ඒ පිළිබඳ මම ඔවුන්ට ස්තූති කරනවා..

රටේ ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය අසීරු තීරණ මම දැන් ගෙන අවසන්.. ඒ ගැන දෝෂාරෝපණය කළ හැක්කේ මට පමණයි.. ඒ නිසා මම අනෙකුත් දේශපාලනඥයන්ට කියනවා රට රැකගැනීමට ඔබටත් යුතුකමක් තිබෙනවා.. එසේනම් රටේ ආර්ථිකය ගොඩනැගීමට අපි එකතුවෙමු.. අපි සියලුදෙනා එකතුවෙලා කටයුතු කළහොත් 2024 පසුව රට තුළ ඉතා සීග්‍ර සංවර්ධනයක් ඇතිකරගත හැකි බවට කිසිදු සැකයක් නැහැ.. ඒ සමග එකතුවෙන්න කියා මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.."

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන් ද ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka