gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වාහනයම ව්‍යාජ එකක්… මල්වතු හිරිපිටිය පන්සලේ හිමිනම ඝාතනයට පැමිණ ඇත්තේ පොලිස් විමර්ශන ගැන හොඳ අවබෝධයක් ඇති පිරිසක් බව විමර්ශකයෝ කියති…

හේනේගම කහටාන ශ්‍රී  ගණාරාම විහාරස්ථානයේ දී පෙරේදා (23) දහවල් ඝාතනය කළ කලපළුවාවේ ධම්මරතන හිමියන් ඝාතනයට පැමිණි  මෝටර් රථය  ගලෙන්බිඳුණු වැව පදිංචි ගුරුවරයකුට අයත් මෝටර් රථයක චැසි අංකය, ඇංජින් අංකය සහ ලියාපදිංචි අංකය යොදාගෙන පරිහරණය කර ඇති බව  විමර්ශන අංශ අනාවරණය කරයි.
වෙඩික්කරුවන් පරිහරණය කළ මෝටර් රථය   කළු පැහැයට හුරු තද නිල් පැහැති වාහනයක් බවත්,  ගලෙන්බිඳුණු වැව ගුරුවරයාට අයත් මෝටර් රථය සුදු පැහැති එකක් බවත්  ඒ අනුව අනාවරණය වන්නේ එකම අංකය සහ චැසි හා ඇංජින් අංක   සහිත මෝටර් රථය දෙකක් භාවිතයේ තිබීම බවත් විමර්ශන අංශ කියයි.


වෙඩික්කරුවන් විහාරස්ථානයේ වැඩ සිටි කලපලුවාවේ ධම්මරතන හිමියන්ට වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු පළාගොස් ඇත්තේ කඩුවෙල දෙසටය. කඩුවෙල ගොඩැල්ල  කැලෑබද ප්‍රදේශයේ වෙඩික්කරුවන් ගමන් කළ මෝටර් රථය නතරකර ගිනි තබා ඇති බව පොලිසිය කියයි.
වාහනය ගිනි තබා ඇත්තේ ඇඟිලි සලකුණු ඇතුළු සාක්ෂි විනාශ කිරීමේ අරමුණින් විය හැකි බව පොලිසිය කියයි.
මෙම හිමිනමට අයත් බව කියන බැංකු ගිණුම් කිහිපයක සහ උන්වහන්සේගේ දුකට සැපට සිටින ගිහි ගෝලයකුගේ බැංකු ගිණුමක විශාල වශයෙන් මුදල් ඇති බවටද පොලිසියට තොරතුරු රැසක් ලැබී තිබේ.

ඒ සම්බන්ධයෙන්ද අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන ඉදිරියේ දී විමර්ශන පැවැත්වීමට පොලිසිය පියවර ගැනීමට නියමිතය. ගිණුම්වලට විශාල ලෙස මුදල් බැරවී තිබේනම් එතරම් මුදලක් ගිණුම්වලට ලද ආකාරය ගැන අනතුරුව විමර්ශන පවත්වන බවත් මෙම ඝාතනය හා ඒ අතර සම්බන්ධයක් තිබේදැයි සොයා බලන බවත් විමර්ශන අංශ පවසයි.

මෙම ඝාතනය සිදුවී ඇති අකාරයත් ඔවුන් මේ සඳහා භාවිත කළ වාහනයත් එම වාහනය සාක්ෂි විනාශ කිරීම සඳහා ගිනි තබා විනාශ කිරීමත් විශ්ලේෂණය කිරීමේ දී පොලිස් විමර්ශන ගැන හොඳ අවබෝධයක් ඇති අය මෙම ඝාතනය හා සම්බන්ධව සිටින බව පෙනී ගොස් තිබේ.

ඒ අය යම් ආරක්ෂක අංශයකට සම්බන්ධකම් ඇති හෝ ආරක්ෂක අංශයක සිට ඉවත්වූ අය විය හැකි බවට අනුමාන කෙරේ.

මේ ඝාතනයට  හේතුව  මත්ද්‍රව්‍ය හෝ නිදන් වස්තු සම්බන්ධව පැනනැගුණු ආරාවුලක් විය හැකි බවට ද සැක කෙරේ.   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ලෙස පැමිණ යම් දෙයක් කොල්ලකෑමට ගත් තැතක් වැර දී හිමිනමට වෙඩි තබා ඇති බවට සැකයක්ද ඇත.

හිමිනමට වෙඩි තබා ඇත්තේ උන්වහන්සේ වෙඩික්කරුවන්ට බියක් නොදක්වා ඔවුන් සමඟ ගැටීමකට යාමේ දී බව ද විමර්ශනයේ දී පෙනී ගොස් තිබේ.

වෙඩි තැබූ කල්ලිය පාතාල කල්ලියකට සම්බන්ධකමක් ඇති අයද යන්න පිළිබඳ ද සොයා බැලීමක් මේ වන විට සිදුකරමින් පවතී. වෙඩික්කරුවන්ව මෙහෙයවනු ලැබුවේ ඩුබායි හී රැඳී සිටින පාතාල අපරාධකරුවන්ද යන්න ගැනද සොයා බැලීමක් මේ වන විට බුද්ධි අංශ සොයා බැලීමක් කරයි. ඒ විවිධ සැකකටයුතු තොරතුරු රැසක් බුද්ධි අංශ වෙතද ලැබී ඇති බැවිනි.

විමර්ශන පවත්වන ගම්පහ පොලිස් කණ්ඩායම් භාර ප්‍රධානියකු සඳහන් කරනු ලැබුවේ මෙම ඝාතනයට සම්බන්ධ කණ්ඩායම ගැන මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නැති බවය.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ, සහකාර පොලිස් අධිකාරි එස්. කේ.උපාලි හා පොලිස් අධිකාරි චින්තක පිරිස්ගේ අධික්ෂණය යටතේ මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගැමුණු ගුණරත්න හා අපරාධ මර්දන විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ආනන්ද යන නිලධාරීහු වැඩිදුර විමර්ශන මෙහෙයවති.
 – දිනමිණ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka