2015 පිහිටුවන ලද යහපාලන ආණ්ඩුවේ හොරු අල්ලන කමිටුවේ සභාපති ධුරය දැරුවේ අනුර දිසානායක මහතා බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජීව සේනසිංහ මහතා පවසයි.
හොරු අල්ලන්නට බලය තිබුණේ නැතැයි දිසානායක මහතා පවසන නමුත් හොරු ඇල්ලිය නොහැකිනම් එම තනතුර ලබා ගත්තේ කුමකටදැයි ඔහු ප්‍රශ්න කළේය.
අනුර දිසානායක මහතා කිසිදු රස්සාවක් කර නැති බවත් වැඩක් කළ නොහැකි බවත් හෙතෙම කියා සිටියේය.
මාතර දී පැවති සමගින් ජන බලවේගය ජන හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.