රනිල් නුවරඑළියේ සිටියදී ප්‍රබල පොහොට්ටු ඇමැතිවරයකු නුවරඑළියට ගෙන්වාගෙන රහස් සාකච්ඡාවක් කරලා! පවුලේ ඥාතියකුට ලොකු තනතුරක්!
ආණ්ඩුව විසින් රඟදැක්වීමට නියමිත පාර්ලිමේන්තු විසුරුවා හරින බවට වූ දේශපාලන නාටකයට පොහොට්ටුවේ යම් යම් ප්‍රබලයන්ගේ සහාය ලබාගැනීමටද ජනාධිපතිවරයා දැල යොදා අවසානය.
ඒ අනුව අපට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ පසුගිය දින කිහිපයේ සීතල නුවරඑළියේ සුවිසල් බංගලාවක නත්තල් නිවාඩුව ගතකළ ජනාධිපතිවරයා පොහොට්ටුවේ ප්‍රබල ඇමැතිවරයකු නුවරඑළියට ගෙන්වාගෙන විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන ඇති බවය.
එමෙන්ම මෙම පොහොට්ටුවේ අමාත්‍යවරයා සමග තවත් දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී සාකච්ඡා කොට ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
මීට අමතරව මෙම ප්‍රබල අමාත්‍යවරයාගේ පවුලේ ඥාතියකුට යම් පළාතක් භාර ප්‍රබල සම්බන්ධීකරණ තනතුරක් ලබාදී ඇති බවටද තොරතුරු තිබේ. එම ඥාතියාට එකී තනතුර ලබාදී ඇත්තේ ඉදිරියේ සිදුවීමට නියමිත දේශපාලන හැලහැප්පීම්වලදී මෙම පොහොට්ටු ප්‍රබලයාව පාවිච්චි කිරීමේ අරමුණෙන් බවද පැවසේ.
ඒ සම්බන්ධයෙන්ද මේ වන විට විවිධ තොරතුරු ලැබෙමින් පවතින අතර, ඉදිරියේදී අප ඒවා ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට හෙළිදරව් කිරීමටද සූදානම්ය.
රනිල් නුවරඑළියේ සිටියදී ප්‍රබල පොහොට්ටු ඇමැතිවරයකු නුවරඑළියට ගෙන්වාගෙන රහස් සාකච්ඡාවක් කරලා! පවුලේ ඥාතියකුට ලොකු තනතුරක්!
2023-12-31T18:07:00+05:30
Gossip Lanka Hot News






