වංචාවට, දූෂණයට එරෙහිව අර්ජුන, රොෂාන් සහ චරිත් අද එකම වේදිකාවක! ක්‍රිකට් වංචා දූෂණ රැසක් හෙළිදරව් කිරීමේ සුදානමක්!
වංචාවට සහ දූෂණයට එරෙහිව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සභාපති සහ 1996 ලෝක කුසලානය දිනාදුන් නායක අර්ජුන රණතුංග සහ ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු කළමනාකරුවෙකු වන ක්‍රිකට් ක්‍රීඩක චරිත් සේනානායක මහත්වරු විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා.
2024.01.11 පෙරවරු 11.11ට පැවැත්වෙන මෙම මාධ්‍ය හමුවේදී ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ, වංචා රැසක් හෙළිදරව් කිරීමට නියමිතයි.
එමෙන්ම අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ සභාපතිත්වයෙන් යුත් අනුකමිටුව සකස් කළ වාර්තාව සම්බන්ධයෙන්ද මෙහිලා කරුණු රැසක් සාකච්ඡාවට ලක් කෙරෙන බව වාර්තා වනවා.
මීට අමතරව ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්ද මෙහිලා කරුණු රැසක් අනාවරණය කිරීමට නියමිතයි.
වංචාවට, දූෂණයට එරෙහිව අර්ජුන, රොෂාන් සහ චරිත් අද එකම වේදිකාවක! ක්‍රිකට් වංචා දූෂණ රැසක් හෙළිදරව් කිරීමේ සුදානමක්!
2024-01-11T10:57:00+05:30
Gossip Lanka Hot News







