gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපහාස කළාට රු.මිලියන 500ක් වන්දි ඉල්ලා මනෝජ් ගමගේ බෙල්ලනට එන්තරවාසි යවයි!

තමන් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රකාශ කළ බව පවසමින් නීතිඥ දම්පැල්ල ගමගේ රවින්ද්‍ර මනෝජ් කුමාර විසින් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන හට මිලියන 500ක් ඉල්ලා එන්තරවාසියක් යොමුකර ඇත.

එම එන්තරවාසිය නීතිඥ නලින් සමරකෝන් හරහා වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන වෙත යොමුකර තිබේ.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පසුගියදා තම සේවාදායකයාට ස්ත්‍රී දූෂකයකු ලෙස මහජනතාව ඉදිරියේ චෝදනා කර ඇති බවත්, එවැනි අසත්‍ය චෝදනාවක් නිසා තම සේවාදායකයාගේ කීර්ති නාමයට සිදුකළ හානිය රුපියල් මිලියන 500කට තක්සේරු කර සිටින බවත්, මෙම ලිපිය ලැබී දින 07ක් ඇතුළත එම මුදල ගෙවන ලෙස නීතිඥ නලින් සමරකෝන් සඳහන් කර ඇත.

එකී මුදල ගෙවීම පැහැරහැරියහොත් හා හෝ නොසළකා හැරියහොත් නිසි බලය ඇති අධිකරණයක් ඉදිරියේ නඩු පවරා එකී මුදල වෛද්‍යවරයාගෙන් අයකර ගැනීම සඳහා කටයුතු කරන බවද නීතිඥවරයා සඳහන් කර තිබේ.

වෛද්‍යවරයාගේ නිල කාමරය තුළ පොදු දේපළ ද අවභාවිත කරමින් තම සේවාදායකයා හට වෛද්‍යවරයකුට නොව කිසිදු උගත් පුද්ගලයෙකුගෙන් බලාපොරොත්තු නොවන ආකාරයේ ඉතාමත් අශීලාචාර, අසභ්‍ය, අශෝභන හා අප්‍රසන්න වචන භාවිත කරමින් ඔහුව නිර්දය ලෙස විවේචනය කරමින් මහජනතාව තුළ ඔහු කෙරෙහි ද්වේශයක්, අප්‍රසාදයක් සහ පිළිකුලක් ඇති කරවන ආකාරයෙන් ද්වේශ සහගත ලෙස මෙම රටෙහි සියලු ප්‍රසිද්ධ ජනමාධ්‍ය සහ යූටියුබ් නාලිකා ඉදිරියේ අදහස් ප්‍රකාශ කිරීමක් සිදුකර ඇතැයි අදාළ එන්තරවාසියේ සඳහන් වේ.

ස්ත්‍රී දූෂකයෙකු ලෙස මහජනතාව නොමග යවමින් කර ඇති අසත්‍ය කරුණු ප්‍රචාරය වීම මඟින් තම සේවාදායකයාගේ පවුලේ සාමාජිකයන්ට මෙන්ම, විශේෂයෙන්ම පාසල් යන දරුවන් දෙදෙනාට සමාජය ඉදිරියේ දැඩි අපහසුතාවයක් ඇතිවීම මත මෙන්ම කීර්තිමත් නීතිඥවරයකු වශයෙන් තම සේවාදායකයන් ඉදිරියේ සහ සිවිල් හා දේශපාලන ක්‍රියාකාරිකයකු ලෙස දෙස් විදෙස් ඔහුගේ අනුගාමිකයන් හා වෘත්තීය සගයන් අතර අපකීර්තියට පත්වීම මත ද මාගේ සේවාදායක දැඩි ලෙස මානසික පීඩාවකට හා කම්පනයකට පත්ව ඇතැයි එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka