ලංවිම වර්ජකයන් 66ක් සේවයෙන් නෙරපයි
ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩ තහනම් කල සේවක සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් ඇත.
මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇත්තේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහි ව විරෝධතාවේ නිරත වූ විදුලි සේවකයන් පිරිසකටයි.
මෙම විරෝධතාවයේදී මුදල් ගෙවීම් කවුළු වසා පාරිභෝගිකයන්ට බාධා කිරීම හේතුවෙන් ඊයේ දිනයේ මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කලේය.
විදුලි වෘත්තීය සමිති පසුගියදා වර්ජනයක් කලේ විදුලි බල මණ්ඩලය පෞද්ගලිකකරණය කිරීමට එරෙහිවයි.
ඒ හේතුවෙන් මාර්ගෝපදේශ කඩකරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට උපදෙස් ලබා දී තිබින.
ලංවිම වර්ජකයන් 66ක් සේවයෙන් නෙරපයි
2024-01-20T11:28:00+05:30
Gossip Lanka Hot News






