gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බැසිල් අගමැතිකමට!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කර ගැනීම සඳහා එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටියි.

ඒ අනුව එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී බහුතරය ලබාගැනීම පිණිස කුමන හෝ සන්ධානයක් සමග එක්ව තරග කර වැඩි වාසි දිනා ගැනීමට ඔවුන් සාකච්ඡා කර ඇත.

ජනාධිපති ධුරය හෝ ‍අගමැති ධුරය පොදු ජන පෙරමුණට ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතු බවද එම මන්ත්‍රී පිරිස යෝජනා කර ඇත.

ඉදිරි මැතිවරණයකදී පොදු ජන පෙරමුණට යළි බලය ලබා ගැනීම සඳහා රට පුරා දේශපාලන හමු, සම්මන්ත්‍රණ, ජනරැළි 2500ක් පැවැත්වීමටද කටයුතු සූදානම් වෙමින් තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka