gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාලිමාවට 59% කගේ කැමැත්තක්..! නවතම පුරෝකථනත් සමග රනිල් ජනාධිපති සටනින් ඉවත් වීමට තීරණය කරලා..! සාගල ඒ බව කියලා..!

දස දහසකගේ නියැදියක ගේ නව මත විමසීමක දී එලැඹෙන ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ට 59% කගේ කැමැත්ත ප්‍රකාශ වී ඇති අතර ඒ සමගම දැනට පිනා චාන්ස් එකකින් ජනාධිපති වී සිටින රනිල් වික්‍රමසිංහ එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබේ. මෙම මත විමසුම රටේ පැරණිතම තින්ක් ටෑන්ක් එකක් විසින් සිදුකර ඇති අතර රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව සිය සමීපතම හිතවතුන්ට පවසා ඇත්තේ රනිල්ගේ දකුණු අත වන් සාගල රත්නායක විසිනි.

ජනමත විමසුමේ අනෙකුත් දත්ත අනුව සජබයට 16% ක කැමැත්තක් පුරෝකථනය කර ඇති අතර පොහොට්ටුවට පුරෝකථන කර ඇත්තේ 9% ක කැමැත්තකි. 2024 ජනාධිපතිවරණ අනාවැකියේ කැපී පෙනෙන අංගයක් වන්නේ ඡන්දදායකයින්ගෙන් 14% කින් සමන්විත, තීරණය නොකළ ඡන්දදායකයින්ගේ සැලකිය යුතු ප්‍රතිශතයයි. මෙම කොටස අතර ඇති අවිනිශ්චිතභාවය අවසාන ප්‍රතිඵලය හැඩගැස්වීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇත.

කෙසේ වෙතත් පසුගිය මැතිවරණයේ දී 2% ක් පමණක් ලබා ගත් රනිල් වික්‍රමසිංහ පිනා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව වුවද ඔහුට වැඩි ජනතා ආකර්ශනයක් ලබා ගත හැකි වී නැත. ඔහු ක්‍රියාත්මක කළ අයිඑම්එෆ් ප්‍රතිපත්ති හේතුවෙන් ජනතාව කබලෙන් ලිපට වැටීම නිසා රනිල්ට ජනප්‍රියතාවයක් ගොඩ නංවා ගත නොහැකි විය. රනිල් ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බව දන්වා ඇත්තේ ඔවුන්ට මේ සන්දර්භය තේරුම් ගොස් ඇති නිසා ය.

ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත් වී පරාජය වූ රනිල්..
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත් වී පරාජය වූ අයෙකි. ජයක්ග්‍රහණයක් ලබා ගැනීමට තිබූ එකම අවස්ථාව වූයේ 2005 ජනාධිපතිවරණ සටනයි. නමුත් එහිදී ප්‍රතිවාදීන් වූ රාජපක්ෂලා එල්ටීටීඊයට මුදල් දී දෙමළ ඡන්ද වර්ජනයකට පොළඹවා ගත් බැවින් රනිල්ට පරාජය අත් වූ බව දැන ප්‍රසිද්ධ කාරණයකි. එහිදී ද ඡන්ද දිනයට සතියකට පෙර මාධ්‍යවේදීන් රාජපක්ෂලාගේ උතුරේ ඡන්ද වර්ජනය ගැන රනිල්ට දැනුම් දුන්නේ වී නමුත් සිය ජයග්‍රහණය ගැන අධි තක්සේරුවක සිටි ඒ වන විටද අගමැති ධූරය දැරූ රනිල් ඒ ගැන වගේ වගක් ගණන් ගන්නේ නැතිව කීවේ "Don't worry. Every thing is under control. Malik lookafter them" කියා ය. එනම් රනිල්ගේ හිතවත්ම ගජයා වන මලික් සමරවික්‍රම එල්ටීටීඊය ගැන බලා ගන්නා බවත් සියල්ල තමාගේ පාලනය යටතේ සිදුවන බවයි. නමුත් සියල්ල කණපිට සිදුවිය. පසුව ජනාධිපති සටන ජයගත් මහින්ද රාජපක්ෂ පසුදා උදේම "මල්ලී උඹ මාව බේරුවා" කියා බදා ගත්තේ අන් කවරෙකු හෝ නොව එල්ටීටීඊයට සල්ලි දීමේ ඩීල් එක සිදුකළ ටිරාන් අලස්ව ය.

රනිල් වටා භ්‍රමණය වන සියල්ල වෙනස් වීමට පටන් ගෙන
දැන් සාගල එලැඹෙන ජනාධිපතිවරණයට රනිල් ඉදිරිපත් නොවන බව පැවසීමෙන් පසුව රනිල් වටා භ්‍රමණය වන සියල්ල වෙනස් වීමට පටන් ගෙන ඇත. කැබිනට් හමුවේ දී පවා ඇමැතිවරු රනිල්ව ගණන් නොගන්නා තත්ත්වයක් පත්ව ඇත. ව්‍යාපාරික ප්‍රජාව රනිල්ගෙන් ඈත් වෙමින් ඇත. රාජ්‍ය සේවයේ නිලධාරීහු රනිල්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමට දෙවරක් කල්පනා කරති. මේ තත්ත්වය සෑම ජනාධිපතිවරණයෙකුටම ඔහු ඊලඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් අවසාන කාලයේ බලපාන මූසල තත්ත්වයකි.

අභ්‍යවකාශයේ පොදු අපේක්ෂක...
මේ ගැන ඉව වැටුනු වහාම රනිල් මනුෂ නානායක්කාර ලවා මාධ්‍ය හමුවක් කැඳවා රනිල් ඉදිරි ජනාධිපතිවරණයක දී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවට ප්‍රකාශයක් කරවා ගත්තේ ය. අනෙක් පසින් මාලිමාවේ හරිනි සහ අනුර අතර කණ්ඩායම් බෙදීමක් ඇතැයි කුලී ලියන්නන් ලවා දැන් මඩ මතවාද ලිපි ලියවමින් සිටිති.  නමුත් රනිල් කුමන පක්ෂවල පොදු අපේක්ෂකයා වන්න ද? දෙවන බලවේගය වන සජබ රනිල්ට එකතු කර ගත නොහැකිය. කුජීත පරාජය අවම කර ගැනීමට දඟලන පොහොට්ටුවේ බිලි බෝයි අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරා කැසිනෝ කාරයා තෝරා ගෙන ඇත.

රනිල්ට පොදු අපේක්ෂකයෙක් විය හැක්කේ අභ්‍යවකාශයේ ඇති පක්ෂ සහ පෙරමුණු වල පමණි.

සාගලගේ ප්‍රකාශයෙන් ස්ථිර පුරෝකථනයක්...
රනිල් ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බව සාගල ප්‍රකාශ කිරීමෙන් එක් යමක් ස්ථිරව පුරෝකථනය කළ හැකිය. එනම් රනිල් අවසාන මොහොත දක්වාම සිය පිනා ජනාධිපතිධූරයේ රස බලමින් සිටිනවා හැර අම්මා මුත්තේ කීවත් පාර්ලිමේන්තු මැතිවරණයකට නොයන බවයි. රනිල් පිනා ජනාධිපතිධූරයේ රස බැලීම කෙතරම් වේදැයි යත් දැන් ඔහු ගුවනින් යද්දී ගමන් ගන්නා හෙළිකොප්ටර් වලට පෙර ඉදිරියෙන් ප්‍රහාරක කෆීර් යානාවක් ගමන් කරවීමට ක්‍රියා කිරීමයි. අධිවේගී කෆීර් යානාව ගමන් කිරීමෙන් පසු රනිල්ගේ හෙළිකොප්ටරය සහ තවත් හෙළිකොප්ටරයක් ද පසුමපසින් සෙස්නා යානාවක් ද ගමන් කරයි. මහ පාරේ ජෝගිය ගුවනේ දී ද නටයි.   

-චන්ද්‍රප්‍රදීප්
-lankaenews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka