gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලන්කන් කේටරින් සේවකයා කෝටි දාහතාමාරක රන් බිස්කට් යට ඇඳුමේ හංගගෙන එළියට ඇවිත්! සේවා කාලය අවුරුදු 15ක්! හොරකම් කරන්නම හදපු තවත් බෙල්ට් එකක් කබඩ් එකේ තිබිලා!

රුපියල් දහ හත් කෝටි හැට ලක්ෂයක් (මිලියන 176ක්) වටිනා කිලෝ ග්‍රෑම් 07යි ග්‍රෑම් 700ක් බරැති රත්තරන් බිස්කට් 66ක් සිය යට ඇඳුමේ සඟවාගෙන, කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ කාර්ය මණ්ඩල පිටව යන දොරටුවෙන් පිටව යමින් සිටි ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ සේවකයකු පෙරේදා (30) පස්වරු 04.30ට පමණ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ වසර 15ක සේවා කාලයක් සපුරා ඇති මොහු කැලණිය, කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

මොහු මෙම රන් බිස්කට් තොගය සිය යට ඇඳුමේ, විශේෂ රඳවනයක ආධාරයෙන් පාර්සල් දෙකක් ලෙස සකස් කර සඟවා ගෙන තිබුණි.

මොහුට මෙම රත්තරන් තොගය කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තයේ ආපනශාලාවක් තුළ දී කිසියම් පුද්ගලයෙකු විසින් ලබා දී ඇති බව රේගු මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම රන් බිස්කට් යට ඇඳුම් තුළ සූක්ෂම ලෙස රඳවාගෙන යාමට භාවිතා කරන විශේෂ ඉන වටා පළඳින තවත් පටියක් මොහුගේ සේවා ස්ථානයේ මොහුට අයත් කබඩ් එකක් තුළ සඟවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම රන් බිස්කට් එකක් ග්‍රෑම් 116.62ක් බරැති (Ten Tolas) වර්ගයේ වූ අතර මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීමට අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් (බලාත්මක) පීටර් ගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ (සමාජ ආරක්ෂණ) ඊ.ජී. ඇන්ටන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එස්.ජී.ඒ. කුමාරසිංහ යන මහත්වරුන් ද කටුනායක ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රය වෙත පැමිණ සිටියහ.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka