ජනාධිපතිවරණයට ඩයස්පෝරා අපේක්ෂකයෙක්! ස්වර්ණවාහීනි හිමිකරු අලිරාජා වැඩට බහී!
ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ ඩයස්පෝරාවේ අනුග්‍රහය ලබන දෙමළ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ප්‍රබල ජාත්‍යන්තර ව්‍යාපාරිකයකු වන සුභාෂ්කරන් අලිරාජා සූදානම් වන බව වාර්තා වෙයි.
ජාත්‍යන්තර ලයිකා මොබයිල් ආයතනයේ මෙන් ම මෙරට EAP මාධ්‍ය ජාලයේ ද හිමිකරු වන සුභාෂ්කරන් අලිරාජා ද මෙරට දේශපාලන කටයුතු ආරම්භ කිරීම සඳහා වෛද්‍ය ඒ.ආර්. ක්‍රිෂාන් සභාපති හා මහලේකම් ලෙස කටයුතු කරන ”අරුණලු පීපල්ස් එලයන්ස්” නම් වතුකර දේශපාලන පක්ෂයේ හිමිකාරිත්වය ලබාගෙන ඇත.
දෙමළ ඩයස්පෝරාව සමඟ සමීපව දේශපාලනය කරන සුභාෂ්කරන් අලිරාජා මෙම පක්ෂය අත්පත් කරගෙන ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කිරීමට සුදුසු ජනාධිපති ධූර අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අරමුණින් බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. ඊට අදාළව ඉදිරි මාසයේ සිට පුළුල් මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමට ද ඔහු සැලසුම් කර ඇතැයි දැනගන්නට තිබේ.
deshaya
ජනාධිපතිවරණයට ඩයස්පෝරා අපේක්ෂකයෙක්! ස්වර්ණවාහීනි හිමිකරු අලිරාජා වැඩට බහී!
2024-01-01T09:52:00+05:30
Gossip Lanka Hot News






