ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ යෙදුණු එහි සේවකයන් පිරිසකගේ සේවය අත්හිටුවා තිබේ.
අදාළ විරෝධතාවයේදී ඔවුන් මුදල් අය කිරීමේ කවුළු වසා දමා පාරිභෝගිකයන්ට විදුලි බිල්පත් ගෙවා දැමීමට බාධා වන ලෙස හැසිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
අදාල විරෝධතාවලදී සේවාවලට බාධා කරන හෝ මාර්ගෝපදේශ කඩකරන සේවකයන්ගේ වැඩ තහනම් කර විනය ක්‍රියාමාර්ග ගන්නැයි අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට උපදෙස් ලබාදී තිබින.