ඇපපිට ඉඳන් ‘ටෝක්ස්’ දෙන සුනඛ සිවුරු රඳවනය යළි උසාවි කැඳවයි
සුනඛයකුට චීවරයක් පෙරවීම ඇතුළු අනිසි ක්‍රියා කරමින් බුදුදහමට අපහාසවන ආකාරයෙන්
හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටියදී ඇප මත මුදාහළ රත්නපුරේ බුද්ධි හෙවත් ‘විශ්ව බුද්ධා’ ලෙසින් පෙනීසිටි චීවරධාරියා ඇප මත මුදාහැරීමෙන් පසුවත් අධිකරණයේ අවවාද පවා නොතකා යළි එයාකාරයෙන්ම හැසිරෙන බවට තොරතුරු ලැබී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (18) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්ට දැනුම් දී තිබේ.
එබැවින් එම සැකකරු යළි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අවසර ලබාදෙන ලෙසට විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීමට අවසර ලබාදුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලබන 24 වැනිදා එම සැකකරුව අධිකරණය හමුවට කැඳවීමට පියවර ගන්නා ලෙසට ද නියෝග කර ඇත.
ඇපපිට ඉඳන් ‘ටෝක්ස්’ දෙන සුනඛ සිවුරු රඳවනය යළි උසාවි කැඳවයි
2024-01-19T10:04:00+05:30
Gossip Lanka Hot News






