මෛත‍්‍රී තනිවේ.. VAT බද්දට විරුද්ද වෙද්දී ශ‍්‍රීලනිප 09ක් පක්‍ෂ වේ…
අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඡන්ද විමසීමට ලක් කරන වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ. එම පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
ශ‍්‍රීලනිප මන්ත්‍රීවරුන් දහ තුන්දෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර ඉන් යෝජනාවට පක්ෂව මන්ත්‍රීවරුන් 09 දෙනකු ඡන්දය ලබා දීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. ඔවුන් මේ වන විට ආණ්ඩුවට එක්ව ආණ්ඩුව ඇමති ධූර දරමින් සහයෝගයෙන් කටයුතු කරමින් සිටියි.
එ් අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු උපරිම පස් දෙනකු පමණක් මෙම පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.
මෛත‍්‍රී තනිවේ.. VAT බද්දට විරුද්ද වෙද්දී ශ‍්‍රීලනිප 09ක් පක්‍ෂ වේ…
2023-12-11T16:59:00+05:30
Gossip Lanka Hot News





