gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහ මැතිවරණය නොවේ.. ජනාධිපතිවරණය කැදවයි..

ජනාධිපතිතුමා හදන්නේ ජනාධිපතිවරණය තියන්න. මහ මැතිවරණය පැරදුනොත් ජනාධිපතිවරයාට වෙන දේ එයා දන්නවා.සමහර දේශපාලන ව්‍යාපාර වෙස්මුහුණු දාගෙන ජනතාව රවට්ටන්න උත්සහා කරනවා .එත් වෙස්මුහුනට යටින් ඉන්නේ කවුද කියලා ජනතාව දන්නවා’ යයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක  මහතා  සඳහන්  කරයි.

සමගි ජන බල වේගය සාමාජික ප්‍රවර්ධන වැඩසටහන සහ ශාකා සමිති පිහිටවීම පිලිබදව දැනුවත් කිරිම වෙනුවෙන් බොරැල්ල මැගසින් පාර නව නගර ශාලාවේදී තිස්ස අත්තනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු ජනහමුවකදි ප්‍රකාශ කලේය

එහිදී මාධ්‍යයට අදහස් පල කළ තිස්ස අත්තනායක මහතා.

ජනාධිපති වරයා මහ මැතිවරණයකට යන්නේ නෑ ජනාධිපතිවරයා මැතිවරණය තියලා පැරදුනොත් ජනාධිපතිවරයා ඉවරයි කියලා දන්නවා.

ඔය අකුරු දෙකේ කට්ටිය ජනාධිපතිවරණයට එනවා කියලා කියනවා ඒ අය 2019 කොහෙද හිටියේ .එයාලා නෙවෙයිද රට බංකොලොත් කරේ .වෙස් මුහුණු දාගෙන ආවට ජනතාව අඳුරනවා යට තියන මූණ මොකක්ද කියලා.

විශාල වියදම් දරලා රට බංකොලොත් කර්ස්පු කට්ටිය සම්මේලන තියනවා කියලා ආරංචියි සමුළු පැවැත්තුවට කමක් නෑ එතකොට ජනතාව අඳුරගන්නවා රට බංකොලොත් කරපු අය කවුද කියලා.

සමගි ජන බලවේගය හැටියට අපි මැතිවරණයට සූදානම් වෙනවා.

මේ අයවැයෙන් ජනතාවට කිසිම සහනයක් නෑ භාණ්ඩ 150 කට වැට් බද්ධවැඩි වෙනවා .ආබාධිතයන්ගේ උපකරණ වලට ජනවාරි 01ද ඉඳලා

වැට් බදු වැඩිවෙනවා ජනතාවට ජීවන බර දරාගන්න බෑ දැන් ගැසට් එකෙන් බදු වැඩි කරනවා.

පළවෙනි IMF එක ලැබුණාහම රතිඤ්ඤා පත්තු කලා මොකක්ද ලැබුනු සහනය . 2 වන වාරිකය ලැබුන කියලා ජනතාවට සහන ලැබෙන්නෙ නෑ?

NPP කියන්නෙත් ජනතා විමුක්ති පෙරමුණයි.

සමගි ජන බලවේගයේ කිසිම කෙනෙක් රනිල් එක්ක එකතු වෙන්නෙ නෑ! යන්න ඕන කට්ටිය ගිහිල්ලා ඉවරයි .රනිල් වික්‍රමසිංහගේ ඉලක්කම් ක්‍රමය වැඩක් නෑ.

සමගි ජන බලවේගයෙන් ජනාධිපතිවරණයට තරග කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා පමණක් බව වැඩිදුරටත් අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා සදහන් කලා .

– Media unit
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka