gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මීලග විධායක ජනපති මමයි.. එය නියතයි…

ශ්‍රී ලංකාවේ මීළඟ විධායක ජනාධිපතිවරයා තමන් බවත් ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.
මීළඟ ජනාධිපතිවරණයෙන් තමන්ගේ ජයග්‍රහණය නියත බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පැය පහකට අධික කාලයක් විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් අදහස් අදහස් පළ කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

එහිදී ඔහු මෙසේද අදහස් පළ කරන ලදී.

2021 දෙසැම්බර් 3 වැනි දින මේ ආකාරයටම රට පුරා විදුලිය බිඳ වැටුණා. එදා ගිගා වොට් පැය 10ක විදුලි ප්‍රමාණයක ඉල්ලුම සපුරාලන්න බැරි වුණා.. එහි ආර්ථික හානිය රුපියල් කෝටි 1500ක් පමණ වුණා. ඊයේ රාත්‍රි බිඳවැටීම පැය කිහිනයකින් යථාතත්වයට පත්කරන්න හැකියාව ලැබුණත් එහිදිද රුපියල් කෝටි 600කට අධික ආර්ථික හානියක් සිදු වුණා..

තවදුරටත් හානිය සිදුවෙමින් පවතිනවා. මන්ද මේ වන නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වෙලා. ඒ වෙනුවට ඉන්ධන බලාගාර වලින් විදුලිය ගන්න සිදුවෙනවා නම් ඒ්කකයට රුපියල් 60කට අධික පාඩුවක් සිදුවෙනවා.. ඒ පාඩුවද එක් කල විට ඊයේ විදුලිය බිඳ වැට්ටවීමේ පාඩුව රුපියල් කෝටි 1000කට ආසන්න වෙන්න පුළුවන්.

මම මෙහිදි බිඳ වැට්ටවීම ලෙස අවධාරණය කලේ මෙය වළක්වා ගත හැකිව තිබු තත්ත්වයක් නිසා. මන්ද 2021 විදුලිය බිඳ වැටීමෙන් පසුව ශ්‍රී ලංකා විදුලිබල පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මම ඇතුළු එවකට කොමිෂන් සභාවේ සාමාජිකයින් විසින් පුළුල් විමර්ශනයක් කළා.

ප්‍රසිද්ධ විභාගයක් ද පවත්වා අපි විසින් නිකුත් කල නියෝගය මගින් විදුලි බල අමාත්‍යංශයට හා ලංකා විදුලිබල මණ්ඩලයට නිර්දේශ 7ක් ඉදිරිපත් කළා. විදුලිබල මණ්ඩලයේ විදුලි ආරක්ෂණ මුලධර්ම හා ආරක්ෂණ ප්‍රමිති ක්‍රියාමාර්ග යාවත්කාලීන කළ යුතු බව අප කල ප්‍රධාන නිර්දේශයක්. නමුත් අද වන විට එය ඉටුනොකල බව දැන් පැහැදිලියි. ඒ වගේම එදා විමර්ශනයේදි අනාවරණ වුණා ජාලය තුල දෝෂ සහිත රැහැන් ඇදීමක් හා භුගත කීරීම් වල දුර්වලතා පවතින බව. ඒ සම්බන්ධයෙන් විමර්ශනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි එදා ලංවිමට නියෝග කලා.

ඊට අමතරව ආරක්ෂණ පද්ධති වල වගකීම් බාර දීම, අළුත්වැඩියා හා නඩත්තුව සම්බන්ධයෙන් පටිපාටි හඳුන්වාදීම. කොත්මලේ-බියගම සම්ප්‍රේශණ රැහැන වැඩිදියුනු කිරීම මෙන්ම රැහැනක් අකර්මන්‍ය වීමකදී නොරොච්චෝලේ බලාගාරයද අකර්මන්‍යවීම වැළැක්වීම සදහා කල යුතු තාක්ෂණික වැඩිදියුණු කිරීම් සම්බන්ධයෙන් සහ විදුලිය බිඳවැටීමකින් පසුව කඩිනමින් යථාතත්වයට පත්කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපි විදුලිබල අමාත්‍යවරයාට හා ලංකා විදුලිබල මණ්ඩලයට නියෝග කලා. මම අභියෝග කරනවා මේ නියෝග ක්‍රියාත්මක කල බවට තහවුරු කරන ලෙසට.

මේ සත්වැදැරුම් නිර්දේශ ක්‍රියාත්මක කලා නම් අපේ විදුලිබල පද්ධතිය ආරක්ෂිතයි. නමුත් මේ දැන්ද පවතින්නේ අනාරක්ෂිත තත්ත්වයක. මේ අනාරක්ෂිත තත්ත්වයට වගකිව යුත්තේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ කළමනාකාරිත්වය පමණක් නොවේ. විදුලි බල අමාත්‍යංවරයා මෙන්ම විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයාට මීට වගකිව යුතු යි. මොවුන් පසුගිය කාලය තුල කලේ ලංකා විදුලිබල මණ්ඩලය වැඩි දියුණු කරනවාට වඩා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පදයට නැටීමයි. ඒ වගේම ලංකා විදුලිබල මණ්ඩලය කෑලි කඩා විකිණීම සදහා පිඹුරු පත් සැකසීමටයි.

වර්තමාන ලංකා විදුලිබල මණ්ඩල පනත යටතේ අමාත්‍යවරයාට පැවරී ඇත්තේ සීමිත වගකීමක්. ඒ් වගකීම ඉටුකරන්නට බැරි අමාත්‍යවරයා දැන් උත්සහා දරන්නේ ලංවිම සමාගම් 12ක් සහ ඔහු යටතේ ප්‍රතිසංස්කරණ කාර්යාලයක් මෙන්ම උපදේශක සභාවක් වැනි ආයතන 20කට ආසන්න සංඛ්‍යාවක් පිහිටුවා විශාල වගකීම් රාශියක් ඔහු යටතට ගන්නට. මෙවැනි දුර්වල ඇමැතිවරයෙකුට විදුලිබල කර්මාන්තයේ ඒ්කාධිපති බලතල දුන්නොත් රටේ අනාගතයම අඳුරු වන බව ඒ්කාන්තයි.

– Media unit
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka