සම්පන්ධන්ට අසාධ්‍යයි.. දේශපාලනයෙන් සමුගනී... TNA නායකත්වයට දෙදෙනෙක් පොරකති!
දෙමළ ජාතික සන්ධානයේ සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා අසනීප තත්ත්වයෙන් සිටින නිසා ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ. ඒ අනුව එම සන්ධානය හා පක්ෂයේ නායකත්වය සඳහා අයදුම්පත් කැඳවා තිබේ.
මීළඟ නායකත්වය සඳහා එම්ඒ සුමන්දිරන් හා එස්. ශ්‍රීධරන් යන මන්ත්‍රීවරුන් ඉල්ලුම්පත් භාර දී ඇත.
සුමන්තිරන් මන්ත‍්‍රීවරයා විසින් ඉදිරිපත් කළ අයදුම්පතට නිත්‍ය සාමාජිකයන් දොළොස් දෙනෙකුගෙන් අනුමැතිය හා යෝජනා ස්ථිරත්වය ලැබී ඇති අතර ශ්‍රීධරන් මන්ත්‍රීවරයාට නිත්‍ය සාමාජිකයන් හය දෙනකු ගේ අනුමැතිය ලැබී තිබේ.
එළඹෙන ජනවාරි මාසයේදී පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් පසු නව නායකත්වය තෝරා ගැනීමට නියමිතව ඇත.
මීළඟ නායකත්වය සඳහා එම්ඒ සුමන්දිරන් හා එස්. ශ්‍රීධරන් යන මන්ත්‍රීවරුන් ඉල්ලුම්පත් භාර දී ඇත.
සුමන්තිරන් මන්ත‍්‍රීවරයා විසින් ඉදිරිපත් කළ අයදුම්පතට නිත්‍ය සාමාජිකයන් දොළොස් දෙනෙකුගෙන් අනුමැතිය හා යෝජනා ස්ථිරත්වය ලැබී ඇති අතර ශ්‍රීධරන් මන්ත්‍රීවරයාට නිත්‍ය සාමාජිකයන් හය දෙනකු ගේ අනුමැතිය ලැබී තිබේ.
එළඹෙන ජනවාරි මාසයේදී පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් පසු නව නායකත්වය තෝරා ගැනීමට නියමිතව ඇත.
සම්පන්ධන්ට අසාධ්‍යයි.. දේශපාලනයෙන් සමුගනී... TNA නායකත්වයට දෙදෙනෙක් පොරකති!
2023-12-05T13:11:00+05:30
Gossip Lanka Hot News