gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අගරදගුරු සිංහල බෞද්ද නායකයන් විනාශ කිරීමේ කුමන්ත‍්‍රණයක... අරගලය පසුපසත් ඔහු - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

සිංහල බෞද්ධ නායකයන් විනාශ කිරීමේ කුමන්ත්‍රණක කාදිනල් හිමියන් සිටින්නේදැයි සැක බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

වැඩබලන පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට කාදිනල් හිමියන් දැක්වූ විරෝධය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ  මෙම  අදහස් පල කලහ.

අගරදගුරුවරයාගේ යම් යම් ප්‍රකාශ හා ක්‍රියාකාරකම් නිසා අපේ බෞද්ධ ජනතාව තුළ යම් සැක සංකාවන් ඇතිවෙමින් තියෙනවා. පසුගිය කාලේ කොළඹ පැවැති අරගලයටත් කාදිනල්තුමාගේ ආශිර්වාදය හිමිව තිබුණා කියල අපිට දැන ගන්න තිබෙනවා. ඒ අරගලයෙන් මෙරට සුවහසක් ජනතාව ප්‍රියකළ බෞද්ධ නායකයෙක් තනතුරින් ඉවත් කළා. ඒ අතරේ දැන් වැඩ බලන පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙනුත් විරෝධය දක්වා තිබෙනවා. වැඩ බලන පොලිස්පති ලෙස පත් කර තිබෙන්නේ බෞද්ධ නිලධාරියෙක්.

පාස්කු ප්‍රහාරයට එරෙහි වනවා කියල රජයේ කටයුතුවලට අනිසි බලපෑම් කරමින් ඒ ගැන ජනතාව කුපිත වන ආකාරයට කටයුතු කිරීම නම් අනුමත කරන්න බෑ.

අනෙක ඉතිහාසය දන්නවා නම් මේ රටේ දෙමළ පොලිස්පතිවරු ඉඳල තිබෙනවා. ක්‍රිස්තියානි පොලිස්පතිවරු ඉඳලා තිබෙනවා. ඒ කාටවත් කාගෙන්වත් විරෝධයක් එල්ල වුණේ නෑ.

වත්මන් වැඩ බලන පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කිසියම් නීතිමය ගැටලුවක් තිබෙනවා නම් අගරදගුරුතුමා කළ යුත්තේ ඒ ගැටලුව අධිකරණයට ගිහිල්ල විසඳා ගන්න එකයි. එහෙම නැතුව ඒවා මාධ්‍යයට කිව්ව කියලා ඇති වැ‍ඩේ මොකක් ද? පුවත්පත්වල පළ වන දේවල් පදනම් කර ගෙන අධිකරණවල නඩු අහන්න බෑනේ. ඒකට ක්‍රමයක් තිබෙනවා. ඒ ක්‍රමය අගරදගුරුතුමා හොඳින් දන්නවා.

මේ ප්‍රශ්නයේදී අගරද ගුරු හිමියන්ගේ හැසිරීම අපි හොඳින් අධ්‍යයනය කරමින් ඉන්නේ. ඒ අනුව අපිට සැකයක් මතුව තිබෙනවා උන්වහන්සේ බෞද්ධාගමික සිංහල නායකයන් විනාශ කරන කිසියම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයකට හසුවෙලාද කියලා.


පාස්කු ප්‍රහාරය ඉතාම නින්දිත පහත් මිලේඡ්ච ක්‍රියාවක් බව අපි අදත් පිළිගන්නවා. ඒ නිසා කදිනල් හිමියන් කම්පනයකට පත්වීම ගැනත් අපිට අවබෝධයක් තිබෙනවා. නමුත් කිසියම් ආගමක ප්‍රධානියා විදියට කාදිනල්තුමා දිගින් දිගටම කටයුතු කර තිබෙන්නේ ජනතාව කෝප ගන්වන ආකාරයට බව අපිට පෙනී ගොස් තිබෙනවා.


මෙරටේ මිනිසුන් මරණයට පත් වුණේ පාස්කු ප්‍රහාරයෙන් විතරක්ම නොවෙයි. ඔබත් දන්නවා අරන්තලාව ප්‍රහාරයෙන් අපේ භික්ෂූන් වහන්සේලා කොපමණ අපවත් වුණාද? ඒ වගේම අපේ මුදුන් මල්කඩ වූ දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල කරලා විනාශ කරන්න හැදුවා. මෙවැනි සිද්ධිවලින් කොතරම් බෞද්ධයන් පිරිසක් මිය ගියාද? නමුත් අපේ මහනායක හිමිවරුන් ඒ සිද්ධීන්ට වගකිව යුතු අය අත්අඩංගුවට ගන්න කිව්වා මිසක් මාධ්‍යහමු තියලා වෙනත් විදියට බලපෑම් කරන්න ගියේ නෑ’


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka