gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මොන ප්‍රහාර එල්ල වුණත් ඉදිරියට තිබ්බ පය පසුපසට ගන්නේ නැහැ – ටිරාන්

මත්ද්‍රව්‍ය සහ පාතාලය මඩින වැඩපිළිවෙළට ජනාධිපතිතුමාගේ සහයෝගය සහ ආශීර්වාදය අඛණ්ඩව ලැබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

කවුරුන්, මොන ආකාරයේ ප්‍රහාර එල්ල කලත් ඉදිරියට තැබූ පය නැවත පසුපසට නොගන්නා බවට ද අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

ප්‍රජා පොලිස් කමිටු සවිබල ගැන්වීම, මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩ පැවැත්වීමේ මෙහෙයුම් පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩපැවැත්වීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත්, ඒ සඳහා පොලිසියට ලබන ජූනි තිස් වැනිදා දක්වා කල් ලබා දී ඇති බවත් ටිරාන් අලස් මහතා කියා සිටියා.

ඉතාමත් අභියෝගාත්මක කාල සීමාවක මෙම අමාත්‍යංශයේ වගකීම භාර ගැනීමට සිදුවු බවයි එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.

“එවකදී නිදහසේ මාර්ගයක ගමන් කිරීමට පවා නොහැකි කෝළහාල තත්ත්වයක් රට තුල පැවතුනා.. තැන තැන විවිධ නම්වලින් ගම් පිහිටුවා ගනිමින් නොයෙකුත් ක්‍රියාකාරකම් සිදු වුණා.. එම තත්ත්වය වෙනස් කරමින් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා අවශ්‍ය තීරණ ගැනීමට අපට සිදුවුණා..

අපට පැවැති දැවැන්තම අභියෝගය පාතාලය හා මත්ද්‍රව්‍යයි.. මෑත කාලයේ ඇතැම් මාස වල දෛනිකව වෙඩි තැබීම්, ඝාතන වාර්තා වුණා.. ඒ සියල්ලක්ම මත්ද්‍රව්‍ය හා සම්බන්ධයි.. මේ සියල්ල පිළිබඳ අවධානය යොමු කරමින් පසුගිය අගෝස්තු සැප්තැම්බර් මාස වල සිට නව සැලසුමක් සහ වැඩපිළිවෙළක් යටතේ ප්‍රජා පොලිස් කමිටු පිහිටුවීම ආරම්භ කරනු ලැබුවා.. ඒ සඳහා මුළු රටේම ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍යයි..

ඒ් අනුව අඛණ්ඩව මෙහෙයුම් සිදුකරමින් පාතාලය සහ මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීම අපේ අරමුණයි.. එහිදී කිසිවෙකුගේ කිසිඳු බලපෑමකට යටත් නොවී ස්වාධීනව කටයුතු කිරීමට අප පියවර ගන්නවා.. මත්ද්‍රව්‍ය හා පාතාලය මර්ධනය පිළිබඳ කටයුතු ආරම්භ කිරීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රහාරයන් වලට මුහුණ දීමට අපට සිදුවී තිබෙනවා.. මිනිසුන් ඝාතනය කිරීමට නියෝග ලබා දුන් බවටත් ප්‍රචාරයෙන් සිදුකර තිබෙනවා.. මෙම මෙහෙයුම් අතරතුර පොලිසියට එරෙහිව කිසිවෙකු ක්‍රියා කළහොත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පොලිසියට සිදුවන බව මා ප්‍රකාශ කළා.. සෘජු තීරණ ගනිමින් කටයුතු නොකළහොත් කිසිම දිනක මේ අභියෝගය ජයගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ..

අප සමග එක්වන ලෙස විවෘතව ආරාධනා කරන්නේ සියලු දෙනාගේම දූ දරුවන්, ඥාති හිතවතුන් මේ උවදුරෙන් ආරක්ෂා කරගැනීම සඳහායි.. ඒ අනුව ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ තුළින් පසුගිය දින කිහිපය තුළ විශාල සාර්ථකත්වයක් ලබාගැනීමට හැකි වී තිබෙනවා.. කිසිදු බලපෑමකින් තොරව රාජකාරි ඉටු කිරීමට හැකි වීම නිලධාරීන්ටද විශාල ශක්තියක්..

මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු හෝ අපරාධකරුවෙකු අත්අඩංගුවට ගත් විට සිදුවූයේ කිසියම් බලවතෙකුගේ දුරකථන ඇමතුමකට හෝ බලපෑමකට නැවත ඔවුන් නිදහස් කිරීමයි.. ඉදිරියට එවැනි දේවල් සිදුවීමට කිසිසේත් ඉඩ ලැබෙන්නේ නැහැ.. මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ සතියකට පමණක් යන මතයක් ගොඩනැගී තිබුණා.. නමුත් අඛණ්ඩව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා.. ඒ සඳහා පොලිසියට ලබාදී ඇති ඉලක්කය ජූනි තිස් වන දා දක්වා පමණයි.. ඒ වන විට සම්පූර්ණයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මර්දනය කළ යුතුයි..

කවුරුන්, මොන ආකාරයේ ප්‍රහාර එල්ල කලත් ඉදිරියට තැබූ පය නැවත පසුපසට නොගන්නා බව මා අවධාරණය කරනවා.. මේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිතුමාගේ ආශිර්වාදය සැම විටම පවතිනවා.. එමෙන්ම මේ වැඩපිළිවෙළ පිළිබඳව විශාල විශ්වාසයක් එතුමාගේ තිබෙනවා.. ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩලයේ සහ ත්‍රිවිධ හමුදාවේ විශාල සහයෝගයක්ද අපට ලැබෙනවා.. ඒ ආකාරයෙන්ම ප්‍රජා පොලිස් කමිටුවල සහයෝගය ද අඛණ්ඩව අපට ලැබෙනු ඇති බව මා විශ්වාස කරනවා..”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka