gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මනුෂගෙන් මහින්දට මුද්දරයක්..තරුණ තරුණියන්ටත් විශේ්ෂ අවස්ථාවක්!

කම්කරු දෙපාර්තමේන්තුවට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් නිකුත් කරන ලද සියවස් සමරු මුද්දරය ඊයේ (21) එළි දක්වනු ලැබූ අතර එහි පළමු මුද්දරය හා මුල් දින කවරය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් 1994 වසරේ සිය 2000 වසර දක්වා කම්කරු ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ප්‍රදානය කරනු ලැබුවා.

කම්කරු දෙපාර්තමේන්තුවට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් පාසල් මට්ටමින් මුද්දර නිර්මාණ තරගයක් පවත්වා තිබූ අතර එම තරගයෙන් ජයගත් හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ පී.ජී.ඩී. අදීෂා සෙව්නුලි දියණියගේ නිර්මාණය මුද්දරය සදහා යොදාගෙන තිබුණි.

එහි දෙවැනි ස්ථානය දිනාගත් එම විද්‍යාලයේම සෙනුලි බිහන්ගා විජේසේකර දියණියගේ නිර්මාණය මුල් දින කවරය ලෙස යොදාගෙන තිබීම ද විශේෂත්වයක්.

මෙරට කම්කරු ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා කටයුතු කළ සියලු දෙනා වෙනුවෙන් මෙම මුද්දරය සහ මුල් දින කවරය නිකුත් කරන බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙහිදී සදහන් කළේ.

කම්කරු දෙපාර්තමේන්තුවට වසර 101ක් ගතවීමට පෙර නව රැකි රක්ෂා පනත ගෙන එමින් මෙරට කම්කරු ක්ෂේත්‍රය උඩු යටිකුරු කිරීමට කටයුතු කරන බවත්, මෙතෙක් කම්කරු ක්ෂේත්‍රයේ පැවති අඩුපාඩු සියල්ලටම විසදුමක් සහ ශ්‍රමයට නිසි ගරුත්වයක් ලබාදීමට නව රැකි රක්ෂා පනත මගින් අවකාශය උදාවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

නූතන වැඩ ලෝකයට ගැලෙපන ශ්‍රමිකයින් නිර්මාණය වන, ව්‍යවසායකයින් හා ආයෝජනවලට හිතකරවීමත් සමග ශ්‍රමිකයින් ආරක්ෂා කරන හා ඔවුන්ගේ සමාජ සුබසාධනය පුළුල් කරන යුගයකට ගමන් කරමින් සිටින බවද, නව රැකි රක්ෂා පනත මගින් දියුණු රටක් බිහි කිරීමේ මූලික පියවර තබන බවද අමාත්‍යවරයා කීවේය.

ඒ සදහා සියලු දෙනාගේම සහායද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා පැවසුවේ, මෙම අවස්ථාවට එක්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කම්කරු ප්‍රඥප්තිය ගෙන ඒම නිසාම ඇමැතිධූරයෙන් ඉවත් කිරීමට ලක්වූ දක්ෂ නායකයෙක් බවද ලාබාලම කම්කරු ඇමැතිවරයා ලෙස ඔහු තැබූ වාර්තාව තමන් විසින් බිද දමා ඇති බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka