gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස්!

කොළඹ මහාධිකරණ අංක 04 මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විනිසුරුතුමන් ඉදිරිපිටදී 2021 වසරේ සිට විභාග වූ නඩු විභාගයෙන් අනතුරුව තිළිණි ප්‍රියමාලි ඊයේ  (11) දින නිදොස්කොට නිදහස් කර කෙරුණා.

2012 වසරේදී සමිත් අනුරුද්ධ නමැති අයකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමාට අයත් කාර් රථය මිලදී ගන්නා බවට පොරොන්දු වී ලක්ෂ 68ක චෙක් පතක් ලබාදී එය අගරු වීම නිසා සාපරාධී විශ්වාසය කඩ කිරීමේ වරද මත වඩුවාවලගේ තිළිණි ප්‍රියමාලි යන අයට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩුවක් පවරනු ලැබුවා.

ඉන් අනතුරුව ඊට අදාල මහාධිකරණ නඩු විභාගය 2021 වසරේ අධි චෝදනා ගොණු කිරීම මඟින් ඇරඹී තිබුණා.

අද දින එම නඩු විභාගයෙන් අනතුරුව අධි චෝදනා පත්‍රයෙහි සඳහන් ඉහත කී අධි චෝදනාව අධිකරණයෙහි පවත්වාගෙන යා නොහැකි බවටත්, චංචල දේපළ පැවරීමේදී විශාල නීත්‍යානුකූල අණ පනත් ප්‍රමාණයක් පවතින බවටත්, ඒවා අනුව මෙම නඩුවට අදාල ගනුදෙනු සිදුවී ඇති බවටත් තීරණය කර තිබුණා.

මෙම නඩුවෙන් ඇයව නොදොස් කොට නිදහස් කෙරුණේ, මෙම දෙපාර්ශවය අතර තිබූ සමීප සම්බන්ධතා හේතුවෙන් මෙම ගණුදෙනු සිදුවී ඇති බවටත්, පසුව එම සම්බන්ධතා අතර ප්‍රශ්න මතුවූ පසු මෙම ආරවුල පැන නැගී ඇති බවටත්, ඒ අනුව තව දුරටත් මෙකී චෝදනා චූදිත තිලිණි ප්‍රියමාලිට එරෙහිව පවත්වාගෙන යා නොහැකි බවට තීරණය කිරීමෙන් අනතුරුවයි.

සනුරි ද සිල්වා


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka