gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිට දෝශාභියෝගයක් – ජීඑල්ගෙන් ඉඟියක්!

ජනාධිපතිවර​යා අත්තනෝමතිකව ව්‍යවස්ථා සභාවේ කටයුතුවලට මැදිහත් වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ හේතුව පදනම් කරගෙන ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට අවස්ථාව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කියයි.

නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සමාජික, මහාචාර්ය ජී. එල්. පීරිස් එබව කියා සිටියේ, නාවල නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී ඊයේ  (11) පැවැති මාධ්‍ය හමුවකදීය.  

ජනාධිපතිවරයාගේ ඒකාධිපති පාලනයට විරුද්ධව විපක්ෂය එකාමෙන් පෙළගැසෙන බව ද ඔහු අවධාරණය කර සිටියේය.

උදාවෙන 2024 වසර මැතිවරණ වර්ෂයක් බවත්, ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බවට දැනටමත් ප්‍රකාශ වී ඇති බවත්, මැතිවරණ කාලවලදී ව්‍යවස්ථා සභාව ස්වාධීනව කටයුතු කිරීම ඉතා වැදගත් බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එහිදී කීය.

මැතිවරණ කොමිෂන් සභාවේ පුරප්පාඩුව සම්පූර්ණ නොකරන්නේ අනාගත මැතිවරණ හැකිලීමට දැයි සාධාරණ සැකයක් මතුවන බවත් ඔහු එහිදී අනාවරණය කළේය.

ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය කිරීම හේතුවෙන් ලංකවට GSP+ සහනය අහිමි වීමේ ප්‍රවණතාවයක් තිබෙන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට රතු එළි දල්වා ඇති බව කී මහාචාර්යවරයා මැතිවරණ කාලසීමා තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යුතු යැයි ජාත්‍යන්තරයෙන් දන්වා ඇති බව ද සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka