gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එක සම්ප්‍රේෂණ මාර්ගයක බිඳ වැටීමෙන් එකපාරටම මුළු රටම කළුවර වුණේ කොහොමද? මොකද වුණේ? විපක්ෂනායක විනිවිද පෙනෙන පරීක්ෂණයක් ඉල්ලයි! රටට වෙච්ච පාඩුවත් කියන්න! (VIDEO)

ඉකුත් 09 වෙනිදා මුළු දිවයිනටම විදුලිය බිඳ වැටීම නිසා ජන ජීවිතය අඩාල වීම සිදුවිය. ඒ ඔස්සේ ජාතික ආර්ථිකය බිඳවැටීම, ජල සැපයුමේ බාධා, රෝගීන්ට ජීවිතය හා මරණය අතර සටනක නිරත වෙන්නට සිදුවීම වැනි දැවැන්ත අනාරක්ෂිත තත්වයක් ඇතිවීමට විදුලිය වෙනුවෙන් මෙතරම් මුදල් වැය කරන රටක හේතුව කුමක්ද යන්න දැනගැනීමට පරීක්ෂණයක් පැවැත්වීම සිදුකළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ප්‍රශස්ත විදුලි පද්ධතියක් මේ රටට අවශ්‍ය බවත්,විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී විදුලිබල මණ්ඩලය පුද්ගලික අංශවලට පැවරීම මඟින් අනාගතයේ රටට ව්‍යසනකාරී තත්වයක් ඇතිවිය හැකි බවත් ඔහු තවදුරටත් අවධාරණය කිරීය.
 
එමෙන්ම ඊයේ (09) එක් සම්ප්‍රේෂණ මාර්ගයක් බිඳවැටීම ඔස්සේ රටටම විදුලිය බිඳවැටීම සිදුවුයේ කෙසේද යන්නට අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍ය බවත්,මේ විදුලිය බිඳවැටීම ඔස්සේ ඊයේ දිනයේ රටට සිදුවූ පාඩුව පිළිබඳ ගුණාත්මක පරිශීලනයකට සහ සංඛ්‍යාත්මක පරිශීලනයක් ඔස්සේ නැවත මෙවැනි අවස්ථාවක් රටට සිදුවීමට නොතබන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka