gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජබ සන්ධානය කඩන්න ආණ්ඩුවෙන් කොන්ත්‍රාත් දීලා... තරාතිරම නොබලා පක්ෂයෙන් පන්නන්න! - කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මන්ත්‍රීවරු සජිත්ගෙන් එක හඬින් ඉල්ලයි!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බව වාර්තා වේ.

ඒ, ඉදිරියේදී සජබය පෙරටු කොටගෙන ගොඩනැගීමට නියමිත නව සන්ධානය සම්බන්ධයෙන් මන්ත්‍රීවරු අදහස් දැක්වීමට පටන් ගැනීමත් සමගය.


මෙහිදී මන්ත්‍රීවරුන් සියලු දෙනාම පාහේ විපක්ෂනායකවරයාට පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයා මෙම සන්ධානය ගොඩනැගීම් සම්බන්ධයෙන් දැඩි ලෙස බියට පත්ව සිටින බවත්, ඒ ‌හේතුවෙන් සන්ධානය ගොඩනැගීම වළක්වාලීම සදහා යම් යම් පුද්ගලයන් හට විවිධ කොන්ත්‍රාත් බාර දී ඇති බවත්ය.

ඉදිරියේ පවත්වන කුමන මැතිවරණයක් වුවත් ජයගනු ලබන්නේ මෙම නව සන්ධානය බව ආණ්ඩුවේ පිරිස් වටහාගෙන ඇති බව කියා ඇති මෙම මන්ත්‍රීවරු, ‌එම නිසා අනිවාර්යයෙන්ම මෙම සන්ධානය පිහිටුවිය යුතු බවද විපක්ෂනායකවරයට පෙන්වා දී ඇත.

ඊට එරෙහිව කවුරුන් හෝ අදහස් දක්වන්නේ නම් ඒ සියලු දෙනාට එරෙහිව දැඩි තීන්දු ගත යුතු බවත්, එවැනි පිරිස් තරාතිරම නොබලා පක්ෂයෙන් බවත් කළ යුතු බවත් එහිදී මෙම මන්ත්‍රීවරුන් විපක්ෂනායකවරයාට පෙන්වා දී තිබේ.

එස්. එම්. මරික්කාර් සහ සුජීව සේනසිංහ මහත්වරුන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වද්දී අනෙකුත් සියලුම මන්ත්‍රීවරුන් ඊට පක්ෂව අදහස් දක්වා ඇති බව දැනගන්නට තිබේ.

ඒ අනුව අවසානයේදී අදහස් ප්‍රකාශ කොට ඇති විපක්ෂනායකවරයා නියත වශයෙන්ම සන්ධානය පිහිටුවන බවත්, ඊට එරෙහිව කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් තමන් මින් ඉදිරියට දැඩි තීන්දු තීරණ ගැනීමට සූදානම් බවත් සදහන් කොට ඇත.

එමෙන්ම නව සන්ධානයට එරෙහි කිසිවකු හෝ සිටින්නේ නම් අත් උස්සන ලෙස කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දී අති අතර එහිදී කිසිදු මන්ත්‍රීවරයකු ඊට එරෙහිව අත් ඔසවා නොමැති බවද දැනගන්නට ඇත.

ඒ අනුව අවසානයේදී සන්ධානය ගොඩනැගීමේ සියලු තීන්දු ගැනීමේ බලය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හට පැවරීමටද කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගෙන තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka