gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාකඳුරේ මදුෂ්ගේ අනියම් බිරිඳ සිටි සුපිරි හෝටලය වටලයි.. දේපල තොගයක් පොලිසිය භාරයට!

පාතාල කල්ලි නායකයෙකු වන මාකඳුර මදූෂ්ගේ අනියම් බිරිඳට අයත් යැයි සැලකෙන භාණ්ඩ තොගයක් සමග ලැගුම්හල් හිමිකරුවෙකු අත්අඩංගුවට ගැනිමට (21) දින කටයුතු කල බව නුවරඑළියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල්  හෙට්ටිආරච්චි මහතා  පැවසිය.

සැකකරු සතුව මාකඳුර මදූෂ්ගේ අනියම් බිරිඳට අයත් යැයි සැලකෙන B.M.W වර්ගයේ සුඛෝපභෝගී කාර් රථයක් , තිස් දෙලක්ෂ හැත්තෑ තුන්දහස් අටසිය අනූවක මුදල් , ඇමරිකානු ඩොලර් 05ක් , වටිනාකම තක්සේරු කළ නොමැති විවිධ වර්ගයේ වටිනා මැණික් ගල් 91 ක් , මැණික් ගල් පරීක්ෂා කිරීමේ උපකරණයක් , රන් පැහැති මාල දෙකක් , අත් පළඳනාවක් , මුදුවක් , පැන්ඩනයක් , වලල්ලක් , ජංගම දුරකථන පහක් , බැංකු ගිණුම් තුනක් , මුදල් පේෂන කාඩ් පත් දෙකක් , ජංගම දුරකථන පහක්  අත්අඩංගුවට ගෙන ඇත.

මාකඳුරේ මධුෂ් නමැති පතාල කල්ලි නායකයාගේ අනියම් බිරිඳ නුවරඑළිය මාගස්තොට විජිතපුර ප්‍රදේශයේ ලැගුම්හලක නතරවී සිටින බවට නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලිම සිදු කර ඇත.

එම තොරතුරට අනුව වහා ක්‍රියාත්මක වූ නුවරඑළිය පොලිසිය අදාල ලැඟුම්හල එදිනම පරීක්ෂාවට ලක් බවත්, ලැගුම්හලට පැමිණි පිරිසක්  වාහනයක් ලැගුම් හල ඉදිරියේ නවතා ඔවුන් නැවතී සිටි කාමරයද අගුල් දමා වසා ලැගුම්හලින් පිටව  ගොස් තිබු බවත්, නුවරඑළිය කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන මහතාගේ හා සහකාර පොලිස් අධිකාරි 01 සමන් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි ලැගුම්හලේ වසා තිබුණු කාමරය විවෘත කර පරික්ෂා කිරිමේදි අදාල භෘණ්ඩ අත්අඩංගුවට ගැනිමට හැකි වු බව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල්  හෙට්ටිආරච්චි  මහතා පැවසිය.

අත්අඩංගුවට ගත්  ලැගුම්හලේ හිමිකරු  (21)  දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හැරුණු අතර , යලි මෙම නඩුව 2024 ජනවාරි මස 18 දින කැදවිමට නුවරඑළිය මහේස්ත්‍රාත් කුෂිකා කුමාරසිරි මෙනවිය නියෝග කෙරිණ.

ලැගුම්හලෙන් පලා ගොස් ඇති සැකකරුවන් සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

– රංජිත් රාජපක්ෂ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka