කිසි විටෙක රුසියාව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලූ විවේචනයට ලක් කිරීම හෝ ඊට මැදිහත්වීමට කටයුතු නොකරන බව මෙරට සිටින රුසියානු තානාපතිවරයා සඳහන් කරයි.
ස්වෛරී රටක් ලෙසට ශ්‍රී ලංකාවට සිය ස්වාධීන විදේශ ප්‍රතිපත්තිය අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත් වනු ඇති බවද මෙරට සිටින රුසියානු තානාපති ලෙවන් එස් ෂගර්යාන් මහතා පෙන්වා දෙයි.
කොළඹ රුසියානු තානාපති කාර්යාලයේ පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
මේ වන විට රුසියානු ජනාධිපති වල්ඩිමිර් පුටීන්ගේ ප්‍රධාන උපදේශක වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් රුසියානු දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවත් ඔවුන් මෙරට ජනාධිපතිවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසක් හමුවි සාකච්ඡා කළ බවත් හෙතෙම පැවසීය.
රුසියානු මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට අපේක්ෂා කරන න්‍යෂ්ටික බලාගාරය කුඩා ප්‍රමාණය එකක් බවත් මෙගාවොට් 110ක විදුලි බලයක් ඉන් ජනනය කරනු ඇති බවත් හෙතෙම පැවසීය.
