gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩොලර් බිලියන 11ක ක‍්‍රිකට් මුදල් විදේශ හොර ගිණුම්වල... අනුර ජනාධිපති වූ ගමන් පරීක්‍ෂණ අරඹනවා - සුනිල් හඳුන්නෙත්ති

ක්‍රිකට් ක‍්‍රීඩාවේදී වැඩිපුර මුදල් ලැබෙන්නේ ක්‍රීඩා කරන තරග වලින් නොව ක්‍රිකට් තරග විකාශන අයිතිය හරහා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

තරගාවලිය දිනුවද පැරදුනද විකාශන අයිතියට අදාළ සියලු මුදල් ලබාදෙන බවද ඒ මහතා පැවසීය.

ඒ ආකාරයෙන් ශ්‍රී ලංකාවට පැමිණිය යුතුව තිබූ මුදල්වලින් ඩොලර් මිලියන 11,000ක මුදලක් විදේශ ගිණුම්වල තැන්පත් කර ඇති බවද ඔහු පැවසීය.

ඒවා ශ්‍රී ලාංකික පුද්ගලයන්ට අයත් විදේශ ගිණුම් බවද හෙතෙම පැවසීය.

කෝප් කමිටුව මේ පිළිබඳව වෝහාරික විගණනයක් පැවැත් වූ බවත් එය අවසාන වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් කෝප් කමිටුවද අහෝසි වූ බවත් අදටත් එම පර්ීක්‍ෂණ විවෘත බවත් හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ හිරු රූපවාහිනිය සමඟ පැවති සාකච්ඡාවකට එක්ක අතරතුරදීය.

මීළඟ ජනාධිපති අනුර දිසානායක මහතා යටතේ මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදු කරනු ඇති බවද හෙතෙම තවදුරටත් එහිදී කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka