gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජ සභා මණ්ඩපය විනාශ කළ කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු 05ක් බරපතල වැඩ ඇතිව අවුරුදු 03ක් හිරේ…

1940 අංක 09 දරන පුරාවස්තු ආඥාපනත යටතේ ගැස්ට් කරන ලද  පුරාවිද්‍යා රක්ෂිතයක්   ස්මාරකයක් වූ 13 වැනි සියවසට අයත් කුරුණෑගල රාජ සභා මණ්ඩපයේ කොටසක් ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධියට වරද පිළිගත් කුරුණෑගල හිටපු නගරාධිපති  තුෂාර සංජීව විතාරණඇතුළු පස්දෙනෙකුට වසර තුන බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමට කුරුණෑගල පළාත්බද මහාධිකරණය අද නියෝග කළේය.   
ඒ අදාළ නීති කෘත්‍යය අද කුරුණෑගල පළාත්බද මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී මෙසේ දණ්ඩනයට ලක් වන්නේ මෙසේ දඬුවම් නියම කෙරුණේ කුරුණෑගල මහ නගර සභාවේ හිටපු නගරාධිපති තුෂාර සම්පත්, එහි හිටපු නාගරික කොමසාරිස් ප්‍රදීප් තිලකරත්න, එහි හිටපු නාගරික ඉංජිනේරු චමිත් බණ්ඩාර අධිකාරි, වැඩ අධිකාරී අයි. සුල්තිකාර් සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු වන ලක්ෂ්මන් ප්‍රියන්ත යන විත්තිකරුවන්ය.

සිර දඬුවමට අමතරව රජයට රුපියල් එක් කෝටි තිස් හය ලක්ෂයක මූල්‍ය වන්දියක් සහ එක් අයෙකුට රුපියල් පනස් දහස බැගින් වූ දඩ මුදල්ද නියම කෙරුණි.

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි දෙවැනි බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය හෙවත් මඟුල් මඩුවේ කොටසක් කුරුණැගල නගර සභාව මඟින් ඩෝසර් කර විනාශ කරනු ලැබුවේ පසුගිය 2020 වසරේ ජූලි මස 14 වනදාය.

එවකට මාධ්‍ය හමුවක් කැඳවමින් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ප්‍රකාශ කළේ ගොඩනැගිල්ලේ පිටුපස කොටසෙන් දිවෙන මාර්ගයක් පුළුල් කිරීම සඳහා ගොඩනැගිල්ලේ කොටසක් කඩා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය තමාට අවසර ලබා දුන් බවය.

එවන් පසුබිමක අදාළ ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල පොලිසියට පැමිණිලි දෙකක් ඉදිරිපත් කර තිබුණි.

එම පැමිණිලිවලට අනුව විමර්ශන කටයුතු සිදුකළ පොලිසිය ඒ පිළිබඳව අධිකරණයටද කරුණු වාර්තා කළේය.

එමෙන්ම ඓතිහාසික වටිනාකමින් යුත් මෙම ගොඩනැගිල්ල කඩාබිඳ දැමීම සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා එවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ  නියමයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායකගේ සභාපතීත්වයෙන් යුත් පංච පුද්ගල විද්වත් කමිටුවක්ද පත්කෙරුණි.

කමිටුවේ නිගමනය වී තිබුණේ අදාළ විනාශයට වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසය.

අනතුරුව කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනුකළේය. ඉන් පසු අදාළ නඩුව කුරුණෑගල මහාධිකරණයේදී අද යළි කැඳවනු ලැබීය.

නඩුව කැඳවූ අවස්ථාවේ කුරුණෑගල රාජ සභා මණ්ඩපය ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු එකී චෝදනාවට වරද පිළිගෙන තිබි්‍ණි. 
– දෙරණ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka