gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මඩ ගහනවා වැඩියි! පාර්ලිමේන්තු සජීවී විකාශය නවත්වන්න! නාමල් අලුත් වැඩක් පටන් ගනී!

පාර්ලිමේන්තු සජීව විකාශය කිරීම නවත්වා එය පැය බාගයක් පරක්කුකොට විකාශනය කරන ලෙස තමා කථානායක මහින්ද යාපා අබේවර්ධන ගෙන් සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංගගෙන් ඉල්ලීමක් කල බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද 2023.12.10 හම්බන්තොටදී පැවති උත්සවයක් අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ

පාර්ලිමේන්තුවේ අනවශ්‍ය මඩ ප්‍රහාර සහ වෙනත් බොහෝ දේ කතාකරනවා.අධිකරණයට හා විනිසුරුවන් ඉලක්ක කරගෙන වරප්‍රසාද වලට මුවා වෙලා විවිධ ප්‍රකාශ කරනවා.අනවශ්‍ය දේට කාලය මිඩංගු කරමින් වැඩකට නැති දේවල් කතා කරනවා.මේවා බලාගෙන ඉන්න අයට පාර්ලිමේන්තුව ගැන තියෙන විශ්වාසය නැතිවෙනවා. බලන්න විපක්ෂනායක විසි හත දෙක යටතෙ අහන ප්‍රශ්න. වැඩිම කාලයක් කතාකලේ ක්‍රිකට් ගැන. අයවැය වැය ශීර්ෂ ගැනකතා කරපුවා මොනවද ඉතාම අතලොස්සයි. මේ හේතූන් නිසා පාර්ලිමේන්තු විකාශනය පැය බාගයක් විතර පරක්කු කරන්න කියලා මම කථානායකතුමාගෙන් සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංගගෙන් මම ඉල්ලීමක් කලා.ඇත්තටම අපි පාර්ලිමේන්තුවට ඇවිත් කතා කල යුත්තේ රටට හා ජනතාවට ප්‍රයෝජනවත් දේවල් පමණයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka