gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පොහොට්ටුවේ මන්ත‍්‍රීන් 25ක් SJBට!

ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 දෙනෙකු පමණ ඉදිරියේදී සමගි ජන බලවේගය සමඟ එක්වීමට තීරණය කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි.

මෙම පිරිස පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වූ අය බවද හෙතෙම පැවසීය.

මෙම පිරිස සමඟ ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂයක් ලෙස හා දේශපාලන සන්ධානයක් ලෙස කටයුතු කිරීමට සාකච්ඡා කර ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමටද සාකච්ඡා කර ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka