රසංගයකට පැමිණි සුප්‍රකට දකුණු ඉන්දිය ගායක හරිහරන් අතුළු 11ක් යන එන මං නැතිව යාපනයේ කොටුවෙති… ප්‍රසංග සංවිධායකයින් බරපතල අවුලක
යාපනයේ ප්‍රසංගයක් සදහා පැමිණ සිටින දකුණු ඉන්දීය සුපිරි ගායක හරිහරන් ඇතුළු ගායක ගායිකාවන් 11 දෙනෙකු යාපනයේ අතරමංව සිටිති.
මේ මස 21 වෙනිදා යාපනයේ මූරාවේලී ක්‍රීඩාංගණයේ සංවිධානය කොට තිබූ සංගීත ප්‍රසංගයකට සහභාගී වීම පිණිස මේ කණ්ඩායම පැමිණ සිටි අතර ධාරානිපතා වර්ෂාව හා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ප්‍රසංගය අවලංගු කිරීමට සංවිධායකවරු අද (17) තීරණය කොට තිබේ.
මේ නිසා හරිහරන් ඇතුළු පිරිස ආපසු දකුණු ඉන්දියාවට යැවීමට සංවිධායකයෝ තීරණය කොට ඇති නමුත් ඉන්දියාව හා යාපනය අතර ගුවන් ගමන්ද අයහපත් කාලගුණික තත්ත්වය මත සීමා වී ඇති හෙයින් හරිහරන් ඇතුළු ගායක ගායිකාවෝද සංවිධායකයෝද දැඩි ප්‍රශ්නයකට මුහුණ පා සිටිති.
මේ අතර මෙවර නත්තල හා අළුත් අවුරුදු උදාව වෙනුවෙන් යාපනයේ සංවිධානය කොට තිබූ සැණකෙළි උත්සව හා ප්‍රසංග විශාල සංඛ්‍යාවක් අයහපත් කාලගුණික තත්ත්වය මත නවතා දමා තිබේ.
මේ අතර මෙවර නත්තල හා අළුත් අවුරුදු උදාව වෙනුවෙන් යාපනයේ සංවිධානය කොට තිබූ සැණකෙළි උත්සව හා ප්‍රසංග විශාල සංඛ්‍යාවක් අයහපත් කාලගුණික තත්ත්වය මත නවතා දමා තිබේ.
රසංගයකට පැමිණි සුප්‍රකට දකුණු ඉන්දිය ගායක හරිහරන් අතුළු 11ක් යන එන මං නැතිව යාපනයේ කොටුවෙති… ප්‍රසංග සංවිධායකයින් බරපතල අවුලක
2023-12-17T10:25:00+05:30
Gossip Lanka Hot News