gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ ඉඳලත් වැට් එකටයි-අයවැයටයි ඡන්දය නොදුන් හේතුව අරලිය ගහ මැදුරේ පාටියේදී නාමල් එළියට දමයි! රනිල් ගැන මන්ත්‍රීවරුන්ට මාර අනාවැකියකුත් කියයි!

වැට් බද්ද වැඩිකර ගැනීමේ යෝජනාවේදීත්, අයවැය සම්මත කරගැනීමේදීත් නාමල් රඟදැක්වූ දේශපාලන භූමිකාව සම්බන්ධයෙන් මෙහිදී යමක් සඳහන් කළ යුතුමය. ජනාධිපතිවරයා ලෙස රනිල් පත්කර ගැනීමෙන් පසු මාස කිහිපයක් යන තුරුම ජනාධිපතිවරයාගේත්, ආණ්ඩුවේත් ගුණ වර්ණනා කළ නාමල්, මීට මාස දෙකකට පමණ පෙර සිට ජනාධිපතිවරයාගේත්, ආණ්ඩුවේත් ක්‍රියාකලාපය විවේචනය කරමින් ප්‍රකාශ නිකුත් කරන ආකාරයක් දැකගත හැකි විය. එසේ මාධ්‍ය හමුවේ ජනාධිපතිවරයා විවේචනය කළද පසුව සිය පියාගේ උපන්දිනය දා තම නිවෙසේ ජනාධිපතිවරයා සමග කේක් කපා පාටි දැමීමටත් නාමල් කටයුතු කොට තිබිණි. එසේ වුවද වැට් බද්ද වැඩිකිරීමට දින දෙකක් පමණ තබා නාමල් ප්‍රසිද්ධියේම මාධ්‍ය හමුවේ කියා සිටියේ ජනතාව පිට බදු බර පටවන වැට් බදු වැඩිකිරීමට තමන් විරෝධය පළකරන බවත්, තමන් එම යෝජනාවට ඡන්දය ලබා නොදෙන බවත්ය. එමෙන්ම තම ස්ථාවරය පොහොට්ටුවේ ප්‍රධානීන්ටද දැනුම් දුන් බව නාමල් කියා සිටියේය. 

මහින්ද තද තැනක!

ඒ අනුව වැට් බදු ඡන්දයට ප්‍රථම මහින්දව හමුවූ නාමල් මේ බව මහින්දටද දැනුම් දී ඔහුටද එදින පාර්ලිමේන්තු නොයන ලෙස ඉල්ලා සිටීමට පියවර ගෙන තිබිණි. මෙම වැට් බදු වැඩිකිරීමට පක්ෂව අත එසවුවහොත් තමන්ගේ පමණක් නොව, රාජපක්ෂවරුන්ගේ දේශපාලනයද අවසන් වනු ඇති බව කියා සිටි නාමල් ඒ සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගන්නා ලෙස එහිදී මහින්දගෙන් ඉල්ලා තිබිණි. නමුත් අපට ඇති තොරතුරුවලින් දැනගන්නට ඇත්තේ පළමු වතාවට මහින්ද මෙහිදී නාමල් තරමක දැඩි පිළිතුරක් ලබාදී ඇති බවකි.

මම රනිල් එක්ක!

‘නෑ මම දිගටම රනිල් එක්ක දේශපාලනය කරන්න තීන්දු කරලා ඉවරයි. ඒකෙන් මම ඉවර වෙනවා නම් ඉවර වෙයි. මේ මගේ දේශපාලනයේ අන්තිම කාලේ. ඔයා ඔයාගේ දේශපාලනය වෙනම කරගෙන යන්න. මං මගේ දේශපාලනය කරගෙන යන්නම්’ යනුවෙන් එහිදී මහින්ද නාමල්ට දැනුම්දී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
කෙසේ වෙතත් නාමල් මෙසේ කියමින් වැට් බදු යෝජනාව සම්මත කළ සඳුදා දිනයේදී පාර්ලිමේන්තු නොආවත් එදින රාත්‍රියේ අරලියගහ මන්දිරයේ පැවැති සාදයට සහභාගි වීමට කටයුතු කොට තිබිණි. එහිදී ජනාධිපතිවරයා සමග සිටින පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු මන්ත්‍රීවරුන් ගණනාවක් නාමල්ගේ ක්‍රියාකලාපයට එරෙහිව තැන් තැන්වල කසුකුසු ගානු දැකගන්නට ලැබිණි. නමුත් පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් නම් සිටියේ නාමල් කළ වැඩේ හරියටම හරි යැයි යන ස්ථාවරයේය. ඒ අනුව පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් නාමල්ගෙන් මේ සම්බන්ධයෙන් තොරතුරු විමසා සිටිද්දී නාමල් කාටත් පුදුම හිතෙන දේශපාලන විග්‍රහයක් සිදුකිරීමට පියවර ගෙන තිබිණි.

නාමල්ගේ මතය!

‘මේ ගැන මට තියෙන්නේ වෙනම දේශපාලන විග්‍රහයක්. මම මේක තාත්තටත් කිව්වා. හැබැයි තාත්තා කිව්වා රනිල් එක්ක ඉස්සරහට දේශපාලනය කරනවා කියලා. හැබැයි මම තාත්තටත් කිව්වා මේක බරපතළ තත්ත්වයක් කියලා. මේකෙන් වෙන්නේ අපි මෙච්චර කල් හදාගත්ත සියලු දේ නැතිවෙන එක විතරයි කියලා. අපි දවසින් දවස ඉවර වෙනවා. මම අද කැට තියලා කියන්නම් මට තියෙන තොරතුරුවලට අනුව ජනාධිපතිතුමා අන්තිම මොහොත වෙනකම් ඉඳලා ජනාධිපතිවරණයට එන්නෙ නෑ. එතකොට එතුමත් එක්ක ගිහින් අපිට මොනවා වෙයිද? අපි සදා අනාතයි.

අනෙක අපෙන් කවුද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ? දැන්, නම් කීපයක්ම කියවෙනවා. ධම්මික එනවා නම් එහෙමයි. වෙන කෙනෙක් එනවා නම් ඒක එහෙමයි. ඒ එන කෙනා අපේ දේශපාලන අනන්‍යතාවක් එක්කයි ඉස්සරහට යන්න ඕනෙ. එහෙම නැතුව ගියොත් වෙන්නේ පක්ෂයේ දේශපාලනයත් ඉවරයි, මගේ දේශපාලනයත් ඉවරයි.
ඒ නිසා මම ඉරහඳ වගේ කියන්නම් රනිල් නම් මේ ජනාධිපතිවරණයට එන්නෙ නෑ. අන්තිම වෙනකම් ඉඳලා අලුතෙන් එන එක්කෙනාට මේක බාරදීලා එයා යන්න යාවි. අන්තිමේදී මේක සජිත්ගෙ අතට යයි. ජේවීපී එක දෙකට ඇවිත් අපි ඊටත් වඩා පහළ තැනකට වැටෙයි. ඒකයි මම මේ මගේ ස්ථාවරය පක්ෂයට කියන්න යන්නේ. අපි වැට් එකට අත ඉස්සුවොත් අපේ අනාගතයම ඉවරයි. ඒ නිසා මම මේ වැට් වැඩිකරන එකට විරුද්ධයි. ඒ විතරක් නෙමෙයි මම ඡන්දෙ දෙන්න එන්නෙත් නෑ.’ යනුවෙන් නාමල් එහිදී පසුපෙළ මන්ත්‍රීවරුන්ට කියා සිටියේය.

කල්තියාම පිටවෙයි!

ඒ කිව් ආකාරයටම නාමල් වැට් වැඩිකිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට රැගෙන ආ සඳුදා දිනයේ පාර්ලිමේන්ුවට ආවේ නැත. එමෙන්ම අයවැය සම්මත කරගත් බදාදා දිනයේදී නාමල් පාර්ලිමේන්තු පැමිණියද ඊට සිය ඡන්දය භාවිත කිරීමට පියවර ගත්තේ නැත. එදිනද නාමල් සිය ස්ථාවරය පොහොට්ටු මන්ත්‍රීවරුන්ට දැනුම්දී කල්තියා පාර්ලිමේන්තුවෙන් පිටව ගිය ආකාරයක් දැකගත හැකි විය.

රාජ්‍ය රහස්
මව්රට
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka