gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සිංහල බෞද්ධ බලය ශක්තිමත් කරන්න ආයෙත් කට්ටියක් පෙළගැසේ!

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නායකත්වයෙන් රටපුරා ඇති බෞද්ධ සංවිධාන ඒකරාශී කර සිංහල බෞද්ධ බලය යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළක් ඊයේ (25) බොරැල්ලේ පිහිටි බෞද්ධ සම්මේලන මූලස්ථානයේදී ආරම්භ විය.

දිවයින පුරා පිහිටි බෞද්ධ සංවිධාන රැසක නියෝජිතයන් මේ රැස්වීමට එක්ව සිටි අතර, ඔවුන් සියලුදෙනාගේ ශක්තිය හා දායකත්වය ඇතිව සිංහල බෞද්ධ බලය යළි ගොඩනැගීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළකට මුලපිරීම ඊයේ සිදුව ඇත.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට එම සියලුම නියෝජිතයන් අමතමින් මේ නව වැඩපිළිවෙළේ අරමුණ පැහැදිලි කළ අතර, සිංහල බෞද්ධ උරුමය රැකගැනීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා ක්‍රියාත්මක කළයුතු ඒකාබද්ධ වැඩපිළිවෙළ ගැන මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට වැඩපිළිවෙළක් සකස් කිරීමට ද පියවර ගෙන තිබේ.

මේ අවස්ථාවට බෙංගමුවේ නාලක හිමියන් ප්‍රමුඛ සංඝරත්නය ද එක්ව සිටියහ.(දිවයින)


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka