gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කුණු කුස්සිය ගැන හෙළිකළාම ‘ඇවෙන්රා ගාර්ඩ්න්ස්’ අපිට අල්ලස් චෝදනා දානවා – PHI සංගමය කියයි

පසුගියදා මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න්ස් හෝටලයේ සිදුකළ වැටළීමකින් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට එරෙහිව නින්දිත බොරු චෝදනා සහිත කුමන්ත්‍රණයක් හෝටල් කළමනාකරණය විසින් සමාජගත කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

රටේ බොහෝ ප්‍රදේශවල තරු හෝටල් පසුගිය දිනවල පරීක්ෂා කළ බවත්, එහිදී යම් යම් අඩුපාඩු සහිත එවැනි හෝටල් සම්බන්ධයෙන් පියවර ගත් අවස්ථාවලදී අදාළ හෝටල් කළමනාකාරීත්වය නීතියට හිස නැමූ නමුත් ඇවෙන්රා ගාර්ඩ්න්ස් හෝටලයේ කළමනාකාරීත්වය පමණක් මෙලෙස අදාළ වරද සම්බන්ධයෙන් නඩු නොදමන ලෙසට බලපෑම් කිරීමට අමතරව, වැටළීම් සිදුකළ නිලධාරීන්ට අභූත චෝදනා කරමින් හැසිරෙන ආකාරය අතිශයින්ම පිළිකුල් සහගත බවත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කරයි.

ඔහුට අනුව මීට මාස දෙකකට පෙරද මෙම හෝටලයේ මුළුතැන්ගෙය පරීක්ෂා කර ඇති අතර, එහිදී පිසූ ආහාර සහ මස් වැනි නොපිසූ ආහාර එකම අධිශීතකරණයක් තුළ ගබඩා කර තිබී හසුව ඇත.

එම අවස්ථාවේදී නඩු නොදමන ලෙස කළ බලපෑම් හමුවේ අවවාද කර එම ආහාර වර්ග විනාශ කිරීම පමණක් සිදුකළ බව ඔහු පවසයි.

කෙසේ වුවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පසුගිය 23 වැනිදා මෙම මුළුතැන්ගෙය යළිත් වරක් පරීක්ෂා කිරීමේදී පෙර අවවාද තඹයකට නොසළකා යළිත් වරක් අනාරක්ෂිත ලෙස පිසූ ආහාර සහ නොපිසූ ආහාර එකම ශීතකරණයක ගබඩා කර තිබුණු බව ඔහු සඳහන් කරයි.

මේ අවස්ථාවේදී මහජන පරීක්ශකවරුන් අදාළ ශීතකරණය මුද්‍රාතබා ඉදිරි නෛතික කටයුතු සඳහා ලේඛනවලට අත්සන් ගැනීමට හෝටල් පරිපාලනයට දන්වා විනාඩි 45ක් පමණ සිටියත් කිසිවෙක් එම ලේඛනවලට අස්සන් තැබීමට ඉදිරිපත් නොවුණ අතර ඔවුන් කළේ නඩු නොපවරන ලෙස වැටළීම් කළ නිලධාරීන් වෙත තදින්ම බලපෑම් කිරීම යැයි සභාපතිවරයා පවසයි.

අනතුරුව වැටළීම් කළ නිලධාරීන්ට එරෙහිව බොරු අල්ලස් චෝදනාවක් ගොනුකර, ඉතාම නින්දාසහගත ලෙස සිය බලය යොදා නීතිය ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන්ට ඉඩ නොදීම සම්බන්ධයෙන් සංගමයක් ලෙස ගතහැකි උපරිම නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව උපුල් රෝහණ අවධාරණය කරයි.

හෝටලයේ කීර්තිනාමය විනාශ කිරීම, සංවිධානය කළ යම් යම් ඉසව් විනාශ කිරීම, අල්ලස් ඉල්ලීම වැනි කිසිම පදනමක් නැති චෝදනා සහිතව හෝටල් පරිපාලනය විසින් නිකුත් කළ බව කියන, නමක් ගමක්, අස්සනක් හෝ අඩුම තරමින් නිල ශීර්ෂ ලේඛනයක නොලියූ ලේඛනයක් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන බව කී සභාපතිවරයා, කප්පමි සිද්ධියක් සමිබන්ධව
පොලිසියට යොමු කළ පැමිණිල්ලක් සම්බන්ධව පොලිසිය තමන්ද දැනුවත් කළ බව සඳහන් කර තිබේ.(මුලාශ්‍රය – මව්බිම)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka