තිලංග ලොකුම වැඩකට අතගහයි!
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා ඉදිරිපත් වීමේදී නිදහස් ජනතා සන්ධානය කුමන ආකාරයේ උපාය මාර්ගික සැලැස්මක් සකසා ගතයුතුද යන්න පිළිබඳ සියලු සන්ධානගත පක්ෂ සහ කණ්ඩායම් සමඟ වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කිරීම එම සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල විසින් මේ වනවිට ආරම්භ කර ඇත.
නිදහස් ජනතා සන්ධානයේ ඉදිරි උපාය මාර්ගික සැලැස්ම පිළිබඳ සන්ධානගත පක්ෂ සහ කණ්ඩායම් නායකයන් සමග සාකච්ඡා කර, එම පක්ෂ සහ කණ්ඩායම්වල එකඟතාවය හිමිවන අවසන් තීන්දුවකට එළැඹීමේ බලය නිදහස් ජනතා සන්ධානයේ සියලුම පක්ෂ නායකයන් සහ කණ්ඩායම්වල නායකයන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවත්වුණු, එම සන්ධානයේ විධායක කමිටු රැස්වීමේදී ප්‍රධාන ලේකම්වරයා වෙත ඒකමතිකව පවරා තිබේ.
ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා සහ නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල මහතා අතර විශේෂ සාකච්ඡාවක් නුගේගොඩ පිහිටි , ඒ මහතාගේ නිවසේදී පැවැත්වීය.
– Media unit
තිලංග ලොකුම වැඩකට අතගහයි!
2023-12-26T13:09:00+05:30
Gossip Lanka Hot News






