gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නඩුව දිනූ ශම්මි රටට කියා දුන් පාඩම … කාට බැන්නත් සාගලට බනින්න එපා…

ශම්මි දිනුම්ය.  ඔහු ඒ ජයග්‍රහණය ලබා ගන්නේ තමන්ට අභියෝග කළ කැබිනට් අමාත්‍ය ධූරයක් සහිතව සිටි ක්‍රීඩා ඇමතිවරයා පන්නා දමමිනි. තමන් විසින් ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරගනිමිනි.  වත්මන් ක්‍රීඩා ඇමතිවරයා ගුලිකර සාක්කුවේ දමා ගනිමිනි. තවදුරටත් මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව මහත්තරුන්ගේ ක්‍රීඩාවක් දැයි සිතන්නට ඉඩ සලස්වන අතර කාට ගැහුවත් සාගලට නොගැසිය යුතු බවට වූ පණිවිඩය රටේ ඉහළ දේශපාලන සමාජයට ලබා දෙමිනි. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ඇතුළේ අල්ලනවා නම් ඇල්ලිය යුත්තේ සාගල බව රටට කියා දෙමිනි.

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීමට අතුරු පාලක කමිටුවක් පත්කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ   විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා  ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (15) තීරණය කළේය.


අභියාචනාධිකරණය මෙම තීන්දුව ගනු ලබන්නේ  වත්මන් ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු විසින් අතුරු කමිටුව පත් කිරීමේ  ගැසට් පත්‍රය අවලංගු කීරීමෙන් අනතුරුව ඊයේ අභියාචනාධිකරණය ඉදිරියේ පෙනී සිටිමින් හිටපු ක්‍රීඩා ඇමතිවරයා විසින් පත් කරන ලද අතුරු පාලක කමිටුව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා නොකරන බව දැන්වීමෙන් අනතුරුවය.

මේ සම්බන්ධව හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ අයි.සී.සී,ය විසින් පනවා ඇති තහනම ඉවත්කිරිමේ අභිලාෂය සහිතව තමන් මෙම අතුරුකමිටුව පත් කිරීමේ ගැසට් පත්‍රය අවලංගු කළ බවය. එමෙන්ම  අයි.සී.සී.ය මෙම මුදල්වල භාරකරු බැවින් විගණන වාර්තාව සහිතව අයි.සි.සී.ය වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකර ඇති බවත්,  ක්‍රීඩා නීතිය යටතේ ඉදිරි නීතිමය කටයුතු කිරීම සඳහා නීතිපතිවරයා වෙත මෙම වාර්තාව යැවූ බවත්ය.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඒ අවස්ථාවේ දී පාර්ලිමේන්තුවට කීවේ තමන් සතු බලතල ප්‍රකාරව මෙම අතුරු පාලක කමිටුව පත් කිරීමට පෙර  මේ සම්බන්දව ලිඛිතව අයි.සී.සී.ය දැනුම්වත් කළා පමණක් නොව පසුගිය අගෝස්තුවේ නීතිපති වරයා දැනුම්වත් කළත් සිදුවූ දෙයක් නොවූ බැවින් මෙම පියවර ගත් බවය.


ඇමතිවරයා විසින් අතුරු කමිටුව පත් කිරිමත් සමග අධිකරණයට ගිය ෂම්මි සිල්වා අතුරුකමිටුව අත් හිටුවමින් වාරණ නියෝගයක් ගත් අතර ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස අයි.සී.සී.ය වෙතින් ලිඛිතව දෙවරක් ඉල්ලා සිටීමෙන් අනතුරුව  අයි.සී.සී.ය මෙම සීමිත ක්‍රිකට් තහනම සිදුකළේය.

මේ අනුව   ෂම්මි සිල්වා විසින් අයි.සි.සී.යෙන් ඉල්ලාගත් ක්‍රිකට්  තහනම  ඉතවත් කිරීමට බව පවමසමින් ෂම්මි සිල්වා විසින් ගොනුකළ පෙත්සම ක්‍රියාත්මක කිරීමට ඉඩ සලස්වා හරීන් ප්‍රනාන්දු  අතුරු පාලක මණ්ඩලය පත් කිරීම සඳහා වූ ගැසට් පත්‍රය අවලංගු කර තමන් අතුරු පාලක මණ්ඩලය ක්‍රියාත්මක  කිරීම ඉවත් කර ගන්නා බව අධිකරණයට දැන්වූයේය.

ඊට පෙර සිදුවූ සිද්ධි සමුදාය රටට මතකය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සම්බන්ධව ලබැඳයාවේ ගැටුම සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී කතා කළේය. අධිකරණ ඇමතිවරයා කීවේත් මේ කාලයක් තිස්සේ ක්ෂ්‍රෙත්‍රයේ අලු යට ගිනි පුපුරු සේ පැවති ප්‍රශ්නයක් මතු වූ බවය.  ක්‍රීඩා ඇමතිවරයා විසින් තම අතුරු කමිටුවට එරෙහි වාරණය වලක්වන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණ විනිසුරුවරුන් පිරිසක් සූදානම් නොවීම හේතුවෙන් විනිසුරු මණ්ඩලය තුනක් පත් කරන්නට සිදුවිය.


මේ අතර රොෂාන් රණසිංහ අපරිනත ගොබ්බයෙක් සේ හැසිරෙමින් ජනාධිපතිවරයා විවේචනය කළේය. කැබිනට් ඇමතිවරයෙක් මේ ආකාරයෙන් හැසිරී ඔහුගේ අපේක්ෂාවන් තමන්ගේ රජය හරහා ඉටු කරගැනීමේ ක්‍රමය නොවෙන බව වැටහුනේය.   මේ රටේ හොඳම ගොබ්බ ආතල් ගන්නා විපක්ෂ නායකවරයාගේ මග අනුදනිමින් යන වග පැහැදිලිව රටට ප්‍රකට කළ රොෂාන් රණසිංහ  අන්තිමේ දි   කෙළවා ගත්තේ සාගල රත්නායක සම්බන්ධව විවිධ ප්‍රකාශ කිරීමත් සමග  බව පෙනුනි. මේ අතර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ ක්‍රීඩා ඇමතිවරයා විවේචනය කළා පමණක් නොව, ශ්‍රි ලංකා ක්‍රිකට් නීති කටයුතු කරමින් සිටි පුද්ගලයාගේ පියා සමග ඇති සම්බන්ධය ගැන කියමින් ඔහු හොරකම් නොකරනු ඇති බවට සහතියක් දුන්නේය.

අනතුරුව නඩුව වභාගයට ගන්නා විට ක්‍රීඩා ඇමතිවරයා ධූරයෙන් පහ කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. එපමණක් නොව අර්ජුණ රණතුංග විසින් ඉන්දියා ක්‍රිකට් සභාපති ෂේ ෂා තරුණයාට සම්බන්ධව චෝදනා කරද්දි කොහේදෝ සිට පැමිණ අපේ රටේ විධායක ජනාධිපතිවරයා ෂේ ෂා ගෙන් සමාව ඉල්ලුවේය. අපව ක්‍රිකට් ලෝකය ඉදිරියේ මුන් පඩංගු කළේ එසේය.
 
අවසානයේ දී  සිදුවූයේ හිටපු ක්‍රීඩා ඇමතිවරයා ඉවත් විමත්, ෂම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් පාලක මණ්ඩලය බලයට පත් වීමත් , ශම්මි සිල්වා ඉල්ලා ගත් ක්‍රිකට් තහනම යළි ලැබෙන බවට ඇමතිවරයා ප්‍රකාශ කරීමත් ශ්‍රී ලංකාවේ විගණන දෙපාර්තමේන්තුව විසින් කළ විගණනයත් මේ සම්බන්ධව විශ්‍රාමික අධිකරණ විනිසුරුවරයෙක් ප්‍රමුඛ පංච පුද්ගල මණ්ඩලයක් විසින් ඉදිරිපත් කළ පරීක්ෂණ වාර්තාව බල රහිත ලියවිල්ලක් වීමත් පමණි.

කෙසේ වෙතත් අධිකරණය මෙම පෙත්සම් විභාගය අවසන් කළේ වගකිවයුතු ගෞරවණීය ආකාරයටය.   ඉදිරියේ දී යම් සාධාරණ නීතිමය අවශ්‍යතාවයක් මතු වුවහොත් එම පෙත්සම යළි කැඳවීමට පෙත්සම්කරුවන්ට අයිතිය අධිකරණය විසින් ලබා දුන්නේය.

මේ තරම් කාලකණ්ණි කාලයක් පිළිබඳව අපට මතකයක් තිබුණේම නැත. මොනවා නැති වුනත් එක් කාරණාවක් හෝ මිනිස්සුන්ට සැනසෙන්නට තිබුණේය. එහෙම තිබුණු ලොකුම කෑල්ල ක්‍රිකට්ය. ඒ කෑල්ලේ දැන් මුන් සූප්පු කරති. තවත් දෙයක් නැත. සියලු දෙනාමටම ගෞරවයෙන් බුදු සරණයි. ඡන්දයක් එනතුරු සුවෙන් ඉන්න.

උපුටා ගැනීම : ලංකාසර
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka