උතුර, නැගෙනහිර පලාත් සිංහල ජනයාට අහිමි කරන්නයි යන්නේ - සරත් වීරසේකර
මෙරට සිංහල ජනතාවට උතුරු නැගෙනහිර ප්‍රදේශයන් අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා සඳහන් කරයි.
අතීතයේ සිංහල පවුල් විසිපන්දහසක් පමණ උතුර හා නැගෙනහිර පළාත්වල ජීවත් වුවත් අද එක පවුලක් හෝ එම පළාත්වල නැති බවද හෙතෙම කියා සිටියි.
ඔහු මේ බව කියා සිටියේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේදී පැවති රැස්වීමකදීය.
දෙමළ ජනතාවගෙන් සියයට පනස් දෙකෙන් දෙකක්ම ජීවත්වන්නේ උතුර හා නැගෙනහිර පලාත්වලින් පිට බවත් පැවසූ ඔහු මහ ජාතිය වුවත් සිංහල ජනතාවට උතුර හා නැගෙනහිර පළාත තුළ අයිතිය නැතිව ගොස් ඇතැයිද කියා සිටියේය.
එම පළාත්වල දිස්ත්‍රික්ක තුනක කිසිම සිංහල පාසලක් නැති බවත් එය අවාසනාවන්ත තත්ත්වයක් බවත් පැවසූ ඔහු මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා සිංහල බෞද්ධ ජනතාව ඒකරාශී විය යුතු බවද පැවසීය.
උතුර, නැගෙනහිර පලාත් සිංහල ජනයාට අහිමි කරන්නයි යන්නේ - සරත් වීරසේකර
2023-12-26T18:56:00+05:30
Gossip Lanka Hot News






