පසුගිය සතියේ පොහොට්ටු දෙවන මහා සම්මේලනය උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු අතර ඊට පසුදින පක්ෂයේ විධායක සභාව රැස්විය. මෙහිදී විශේෂත්වයක් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දේශපාලන මණඩලයක් පත් කිරීමය. ඉදිරියේදී පක්ෂයක් ලෙස තීන්දු තීරණ ගැනීමේදි දේශපාලන මණ්ඩලය සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරන බව පැවසේ.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග පසුගියදා පසුපෙල මන්ත්‍රීවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වුනේ මලලසේකර මාවතේ නාමල්ගේ නිවසේදීය. පසුගියදා ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම්කල මාධ්‍ය කිහිපයක පලවී තිබිණි.
එක් මන්ත්‍රීවරයකු ඇයි ධම්මික පෙරේරා ඉල්ලන්නෙ ඔබතුමාට ඉල්ලන්න පුළුවන්නෙ ජනාධිපතිවරණයට නාමල්ගෙන් ඇසීය.
නාමල් මෙහිදී එම ප්‍රශ්නය තරමක් බැරෑරුම් ලෙස ගෙන තිබිණි. ඉස්සෙල්ලා අපි පක්ෂය හදාගන්න ඕනෙ. පක්ෂය කිවුවොත් එහෙම ජනාධිපතිවරනයට නෙවෙයි ඕනෙම මැතිවරණයකට එන්න සූදානම්. මොකද මම අභියෝග බාර ගන්න කෙනෙක්’ නාමල් පැවසීය.
හැබැයි අපි මුලින්ම බලන්න ඕනෙ පක්ෂය හදන එක සහ සංවිධානය කරලා මැතිවරණයකට සූදානම් කරන එක.දේශපාලන මණ්ඩලයෙන් මට දීලා තියෙන වගකීම පක්ෂය හදන එක’ නාමල් වැඩිදුරටත් පැවසීය.
ඔව් ඒක හොදයි ඇත්තටම අපි මේ වෙලාවෙ සිදු කරන්න ඕනෙ ඒක තමයි රාජ්‍ය ඇමතිවරයකු පැවසීය.
ගොඩක් දෙනෙක් ගම්වලට ගියාම අහනවා කවුද ජනාධිපති අපේෂකයා කියලා. පක්ෂ සම්මේලනයෙන් පස්සෙ ගොඩක් පාක්ෂිකයින් ආපහු පණක් ලබලා ඉන්නෙ’ තවත් රාජ්‍ය ඇමතිවරයකු පැවසීය.
ඔව් අපෙන් ඡන්දෙ ඉල්ලන්න විශේෂයෙන්ම ජනාධිපතිවරණයකට අපේෂකත්වය ගන්න හතර දෙනෙක් ඉන්නවා.මමයි බැසිල් රාජපක්ෂ ඉල්ලන්න තීන්දු කලොත් අපේක්ෂකයො එතනම හයදෙනෙක් ඉන්නවා නාමල් පැවසීය.
ඔව් එහෙම තරගයක් ඇතිවෙන එක හොදයි මන්ත්‍රීවරයකු එම කතාව අනුමත කලේය.
මෙම රැස්වීමේදී ජනවාරි සිට පොහොට්ටුව ජනතාව අතරට ගෙන යෑමේ වැඩ පිලිවෙලක් සංවිධානය කිරීමට කතිකා කරගෙන තිබිණි.