gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්දට ඉන්දියාවේ ජෝතීර්වේදියෙක් කි අනාවැකියක් ගැන සජින් වාස් ගුණවර්ධන හෙළි කරයි

තමන් 2001 දී  මහින්ද රාජපක්ෂ  සමග ඔහුගේ කේන්දරයත් රැගෙන ඉන්දියාවේ දෛවඥයෙක් වෙත ගිය බවත් එම දෛවඥයා රාජපක්ෂලා විනාශකර දමන රාජපක්ෂ කෙනෙක් ගැන අනාවැකියක් කී බවත් සජින් වාස් ගුණවර්ධන අද කළුතර දී පැවසුවේය. හිටපු මන්ත්‍රීවරයා අපූරු මේ කතාව පැවසුවේ ඊයේ (16) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් කාන්තා සමුලුව අමතමිනි.

මන්ත්‍රීවයා මෙසේ ද කීවේය.

“2001 අවුරුද්දේ මම ඉන්දියාවේ ජෝතීර්වේදියෙක් ළගට ගියා මහින්ද රාජපක්ෂ මහතා ගේ කේන්දරය බලන්න. ඕන නම් මහින්ද රාජපක්ෂ මහතා ගේ අහන්න පුළුවන්. ඔහු  කේන්දරය බලලා කිව්වා ඔබතුමාගේ පවුලේ රාජපක්ෂ කෙනෙක් ඇවිත් පරම්පරාවෙම කීර්තිය නැති කරනවා කියලා.

ඒ කිව්වේ ගෝඨාභය රාජපක්ෂ ගැන නෙවෙයි. බැසිල් රාජපක්ෂ ගැනයි.”

“ ඊයේ පොහොට්ටු රැළියේදී බැසිල් රාජපක්ෂ ජනතාවට තර්ජනයක් කළා. ගලකින් ගැහුවාම බල්ලා දුවනවලු සිංහයා එයට අභියෝග කරනවලු. ගල් ගහන්න එන්න එපාලු. ආවොත් බලා ගන්නවලු. “

“ඒ කළේ ජනතාවට තර්ජනයක්. ලංකාවේ ජනතාව   කාගේවත් තර්ජන වලට ගර්ජන වලට යටත්වන ජාතියක් නොවෙයි.

ඒ නිසා බැසිල් රාජපක්ෂට කියන්නේ මෙච්චරයි.  මැතිවරණයක් තියන්න. මැතිවරණයක්  තිබ්බ දවසට බල්ලා කවුද සිංහයා කවුදැයි බලාගන්න පුළුවන්.”

සුමිත් පොතුපිටිය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka