පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු මොහොමඩ් සහරාන්ට සහ ඔහුගේ ඥාති හිතමිතුරන්ට නවාතැන් පහසුකම් සලසා දෙමින් ත්රස්තවාදයට උදවු කළැයි කියන කල්මුණේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසාන් අමරසිංහ මහතා ඉදිරියේ ඊයේ (13) කරුණු වාර්තා කළේය.
2005 අංක 25 දරන ත්රස්තවාදීන්ට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ සම්මුති පනත යටතේ කල්මුණේ පදිංචි සාවුල් හමීඩ් මොහොමඩ් නමැති ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් මෙලෙස විමර්ශනයක් ආරම්භ කළ බව ද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එනම් 2019 වසරේ අග භාගයේදී මොහොමඩ් සහරාන් යන අයට පහසුකම් සලසා ත්රස්තවාදයට ආධාර උපකාර කිරීමේ චෝදනාවට මෙම සැකකරු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කර පසුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අයකු වන බවත් මේ වන විට මොහු එම සිද්ධියට ඇප මත නිදහස්ව සිටින සැකකරුවකු වන බවත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුරටත් සිදු කරන විමර්ශනයකදී හෙළිවී ඇත්තේ මෙම සැකකරු මොහොමඩ් සහරාන්ට පමණක් නොව ඔහුගේ ඥාතීන්ට සහ සහරාන්ගේ හිතවතුන්ට මෙන්ම බොම්බ ප්‍රහාරයේදී මරාගෙන මැරුණු ත්‍රස්තයින්ට ද මොහු නවාතැන් පහසුකම් සපයා දී මුදල් උපයාගෙන ඇති බව යන්න ත්‍රස්ත මර්දන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේය.

ඒ අනුව මොහු ත්‍රස්තයින්ට ආධාර උපකාර කරමින් මුදල් උපයාගෙන ඇති බවට කරුණු අනාවරණය වන බැවින් මොහු සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කර අධිකරණයට කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තු වන බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට නියෝග කරමින් නඩුව බහා තැබීය.

නිමන්ති රණසිංහ