මීට වසර 19කට පෙර VAT බදු වංචාවේ මහමොළකරුවන් කොටු කරගැනීමට එවකට නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා විසින් මුදල් අමාත්‍යාංශ ලේකම් වෙත යොමු කළ ලිපියක් පිළිබඳ මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
2004 වර්ෂයේදී එවකට නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ රංජිත් සියඹලාපිටිය මහතා විසින් එවකට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචර්ය පී.බී ජයසුන්දර මහතා වෙතයි මෙම රහසිගත ලිපිය යොමු කර ඇත්තේ.
එම ලිපියේ සඳහන් වන අකාරයට දේශීය ආදයම් දෙපාර්තුමේන්තුවේ VAT නැවත ගෙවීම සම්බන්ධව අක්‍රමිකතාවයන් පිළිබඳ තොරතුරු කිහිපයක් අනාවරණය කර තිබෙනවා.
ලිපියෙහි සඳහන් ප්‍රධාන කරුණු 5 පහතින්,
*එම අංශය බාර සමහර ප්‍රධානතම නිලධාරීන්ගේ අනුදැනුම ඇතිව අසාමාන්‍ය මුදල් ගෙවීම් ඉතා විශාල ප්‍රමාණයෙන් සිදුවන බව,
*එසේ මුදල් ගෙවූ ආයතන තුනකට අදාළ චෙක්පත් අංක, දිනද ඇතුළු තොරතුරු මේ සමඟ අමුණා ඇත.
*තොරතුරු සැපයූවන් පවසන පරිදි මෙම අසාමාන්‍ය ගෙවීම් ලබාගත් ආයතනවල නිශ්චිත කාර්යාලයක් හෝ නොමැති බවත්, මෙම චෙක්පත් ලබා ගැනීමට පුද්ගලයෙකු මාසිකව කාර්යාලයට පැමිණෙන බවත්, මෙම ගෙවීම් ආරම්භ වී ඇත්තේ එම අංශයේ වර්තමාන සහකාර කොමසාරිස්වරයා පැමිණි දින සිට බවත් මා වෙත දැනගන්නට ලැබුණි.
*මෙම අංශයේ ප්‍රධාන නිලධාරීන් සමහරක් මෙම වසර අවසානයේ ස්ථීර පදිංචිය පිණිස විදේශගතවීමට නියමිත බවත් ලද අමතර තොරතුරකි.
*මෙවැනි අසාමාන්‍ය ආපසු ගෙවීම් සිදුවන ලිපිගොනු සිය ගණනක් මේ අංශයේ ඇති ඇති බවත්, ඒවා කිසිවිටෙකත් විගණනයට භාජනය කිරීමට අවස්ථාව අදාළ නිලධාරීන් ලබා නොදෙන බවත් දැන ගැනීමට ඇත.
රහසිගත ලිපිය පහතින්,