gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වැලිකඩ ජේලර් මැරූ කරන්දෙණිය සුද්දාගේ ගෝලයාට මාංචූ

වැලිකඩ ප්‍රධාන පුහුණු ජේලර්වරයා ඝාතනයේ ප්‍රධාන සැකකරු මෙන්ම ප්‍රබල සංවිධානාත්මක අපරාධ හා මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන කරන්දෙණිය සුද්දාගේ ප්‍රධාන ගෝලයා වන වෑල්ඩින් රුවන් අයිස් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය ඊයේ (14) දින අම්බලන්ගොඩ පොලිස් වසමේ ගලගොඩවත්ත, කුලීගොඩ දී වැටලීමක් සිදුකර ඇත ඇත. 

එහි දී අයිස් ග්‍රෑම් 11, මිලි ග්‍රෑම් 590 ක් සහ තියුණු ආයුධ සන්තකයේ තබාගෙන සිටි ගලගොඩවත්ත, කුලීගොඩ ප්‍රාද්ශයේ පදිංචි වයස අවුරුදු 30 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මෙම සැකකරු දැනට විදේශ ගතව සැඟවී සිට සංවිධානාත්මක අපරාධ, පාතාල ක්‍රියාකාරකම් සහ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සෝබනා හන්දි ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණිය සුද්දා ගේ ප්‍ර‍ධාන ගෝලයකු වන ගරුමුණි ආරච්චිලාගේ රුවන් ධනුෂ්ක ද සිල්වා නොහොත් වෑල්ඩින් රුවන් යන අය බවත් පසුගිය දිනයකදී මෙම පුද්ගලයා වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන පුහුණු ජේලර්වරයා ඝාතනයේ ප්‍රධාන සැකකරු බවත්, එම නඩුවෙන් දැනට ඇප මත නිදහස්ව සිටින අයෙකු බවටත් තොරතුරු අණාවරණය විය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka