වසරකට පෙර බංකොලොත්භාවයේ ගිලී තිබූ රට භාර ගන්නට කිසිවකු ඉදිරිපත් නොවූ අවස්ථාවේ තමන් එම අභියෝගය භාරගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ඉන් වසරකට පසුව අද වන විට බංකොලොත් භාවයෙන් ශ්‍රී ලංකාව මුදාගැනීමට හැකි වූ බවද හෙතෙම පැවසීය.
ජාත්‍යන්තර මුල්‍යය අරමුදල හරහා ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරිකය අනුමත කිරීම හරහා ඔවුන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මිදී ගිය බවද හෙතෙම සඳහන් කළේය.
ශ‍්‍රී ලංකා මාතාව වැල් පාලමෙන් එතෙර කිරීමට තමන්ට හැකි වූ බවත් ඒ පිළිබඳව නිහතමානී සතුටක් තමන්ට ඇති බවත් හෙතෙම අද පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.
”මම අද සභාව අමතන්නේ ලොකු සතුටකින්. දැන් අපි බංකොළොත් රාජ්‍යයක් කියන ලේබලය ගලවා ගැනීමට තීරණාත්මක පියවර අරන් තියෙන බව ඔවුන් පිළිගන්නවා. ඒ ගමනේ සංධිස්ථානයකට අපි පැමිණ ඇති බව ඔවුන් පැවසුවා. මේ අභිමානවත් ගමනට නායකත්වය ලබාදීමට හැකිවීම ගැන මා තුළ ඇත්තේ නිහතමානි සතුටක්. මම ගිය අවුරුද්දේ භාරගත්තේ බංකොළොත් රටක්. කිසිදු නායකයෙක් මේ බංකොළොත් රට භාරගන්න ඉදිරිපත් වුණේ නෑ. මේ අභියෝගය භාරගන්න හැමෝම බය වුණා. දැන් පාර්ලිමේන්තුව අමතන වීරයෝ කිසිවෙක්ට ඉස්සරහට එන්න ධෛර්යක් තිබුණේ නෑ.. මම ඒ අභියෝගය භාරගත්තා…”