gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මිහින්තලා හිමි යූ ටියුබයකින් කෝටි 105ක් වන්දි ඉල්ලයි... නඩු 22ක් දමයි!

‘මිහින්තලාවට හඬක්’ නමින් හදුන්වන යූටියුබ් නාළිකාවක් ඔස්සේ තමන් වහන්සේට සිදු කළ අපහාස සහ තර්ජන හේතුවෙන් සිදුව ඇති හානියට වන්දි ලෙස රුපියල් කෝටි එකසිය දහයක මුදලක් අය කර දෙන ලෙස ඉල්ලා ඓතිහාසික මිහින්තලේ රජමහ විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් මිහින්තලාවට හඬක් නමින් හ¾දුන්වන යූටියුබ් නාළිකාවේ පරිපාලකවරයාට එරෙහිව වෙන් වෙන් වශයෙන් නඩු විසිදෙකක් අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පවරනු ලැබීය.

ඓතිහාසික මිහින්තලා රජමහ විහාරධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ජේ‍යෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජයරත්න මහතා මඟින් අනුරාධපුර දිසා අධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් පවරා ඇති මෙම නඩු විසිදෙකෙහිම වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ මිහින්තලාවට හඬක් නමින් හ¾දුන්වන යූටියුබ් නාළිකාවේ පරිපාලකවරයා වන මිහින්තලේ, නුවර පාර, යස ඉසුරු ලිපිනයේ පදිංචි අජිත් එදිරිසිංහ යන අයයි.

මිහින්තලා රජමහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පවරා ඇති මෙම නඩු විසිදෙකට අදාළව එක් එක් නඩුවක් සඳහා ඉල්ලා ඇති වන්දි මුදල රුපියල් කෝටි පහකි.

අදාළ නඩු විසිදෙක අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පවරමින් ජේ‍යෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජයරත්න මහතා ප්‍රකාශ කොට ඇත්තේ, පෙත්සම්කාර වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ඓතිහාසික මිහින්තලා රජමහ විහාරයේ විහාරාධිපති සහ භාරකරු මෙන්ම ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ හිමිනමක බවයි.

මෙම නඩුවල වගඋත්තරකරු ලෙස නම් කර සිටින මිහින්තලාවට හඬක් නමින් හ¾දුන්වන යූටියුබ් නාළිකාවේ පරිපාලකවරයා වන අජිත් එදිරිසිංහ යන අය සමාජ ක්‍රියාකාරිකයකු ලෙස හුවා දක්වමින් පෙත්සම්කාර විහාරාධිපති හිමියන්ට දිගින් දිගටම අපහාස කරමින් සිටින බවද ස්වකීය නඩුකර මඟින් අධිකරණයට පවසා ඇති නීතිඥවරයා මේ තුළින් මිහින්තලා විහාරස්ථානය සහ විහාරාධිපති හිමියන් සම්බන්ධයෙන් පදනම් විරහිත වැරැදි මත දෙස් – විදෙස් වශයෙන් සමාජගත කිරීමට වගඋත්තරකරු උත්සාහ දරමින් සිටින බවටද චෝදනා කර තිබේ.


වගඋත්තරකරුගේ මෙම ද්වේශ සහගත ක්‍රියා කලාපයෙන් පෙත්සම්කාර විහාරාධිපතීන් වහන්සේගේ කීර්තිනාමයට සහ ගෞරවයට හානි සිදුවන බවද අධිකරණයට ප්‍රකාශ කොට ඇති නීතිඥ අනුරුද්ධ විජයරත්න මහතා වගඋත්තරකරු ස්වකීය යූටියුබ් නාළිකාවෙන් සමාජගත කරන තොරතුරු මුළුමනින්ම අසත්‍ය බවද අවධාරණය කොට තිබේ.

ඒ අනුව තම සේවාදායක පෙත්සම්කාර විහාරාධිපතීන් වහන්සේට මිහින්තලාවට හඬක් යූටියුබ් නාළිකාව මඟින් වගඋත්තරකරු සිදු කර ඇති අපහාස කිරීම හේතුවෙන් මෙම නඩුවේ වගඋත්තරකාර අජිත් එදිරිසිංහගෙන් වන්දි අයකර ගැනීමේ අරමුණින් පවරා ඇති මෙම නඩු විසිදෙක විභාගයට ගන්නා ලෙසත් අධිකරණයෙන් අයැද ඇති නීතිඥ විජයරත්න මහතා පවරනු ලැබූ මෙම නඩුකර විසිදෙක සම්බන්ධයෙන් දීර්ඝව කරුණු දැක්වීම නඩු විභාගයන් අතරතුර සිදු කරන බවත් ප්‍රකාශ කොට තිබේ. මෙම නඩු විසිදෙක ඉදිරි දිනයක අනුරාධපුර දිසා අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

අනුරාධපුර _ උපාලි ආනන්ද
– Mawbima


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka