gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පන්නිපිටිය ව්‍යාපෘතියෙන් නිවාස ගත් ආණ්ඩුවේ මන්ත්‍රීවරු නිවාසවල කුලී ගෙවීම් පැහැර හැරලා!

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පන්නිපිටිය වීරමාවතේ පිහිටි නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ඒකක 101ක් සදහා වාර්ෂික කුලිය  රුපියල් මිලියන 69ක් රජයෙන් නාගරික සංවර්ධන අධිකාරියට ගෙවීමේ පදනම මත ලබාදි තිබුනද  මෙම වර්ෂයේ (2023) ජුලි මස වනවිටත් මෙම නිවාස කුලි මුදල  රජයෙන් අධිකාරිය වෙත ගෙවා නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එමෙන්ම එක් එක් නිවාස හිමියන් විසින් ගෙවිය යුතු නඩත්තු වියදම් සහ නිවාස ඒකක සදහා ගෙවිය යුතු විදුලිය, ගෑස් හා ජල ගාස්තු වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන 10ක්  2023 වර්ෂයේ අගෝස්තු මස වන විට නාගරික සංවර්ධන අධිකාරියට අයවිය යුතුව තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

2022 වර්ෂයේ ජුලි 16 දිනැති  අංක 22/0970/502/019/ දරණ අමාත්‍ය මණ්ඩල තිරණය පරිදි පන්නිපිටිය විරමාවතේ පිහිටි  නිවාස 500න් යුත් නිවාස ව්‍යාපෘතියෙන්  පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන් සදහා නිවාස ඒකක 101ක් ලබාදි තිබුණි.

නිවාස සදහා ගෙවිය යුතු රුපියල් මිලියන 69ක් වු වාර්ෂික කුලිමුදල රජයෙන් අධිකාරියට ගෙවිමේ පදනම මත ලබාදි තිබු බවද විගණන කාර්යාලය මගින් 2022 වර්ෂය අදාලව නිකුත් කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka