gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති තාරක මිහින්තලා පුදබිමේ මැදමළුවේ මෝටර් රථය දමා පැන ගිහින්!

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාට ඊයේ (25) මිහින්තලා පුද බිමේදී ඇබැද්දියකට මුහුණදීමට සිදුව ඇතැයි වාර්තා වේ.

අමාත්‍යවරයා මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන්ට නොදන්වා අද පස්වරු 5.30ත් – 6.00ත් අතර මිහින්තලේ මැදමළුවට සිය මෝටර් රථය බලහත්කාරයෙන් ඇතුළු කර ඇති අතර එම සිද්ධියත් සමඟ ඔහුට එහි සිටි වන්දනාකරුවන්ගේ විරෝධයක් මතුව තිබේ.

පසුව ජනතාව එහි විහාරවාසී හිමිනමකගෙන් මැද මළුවේ විදුලි පහන් නිවාදමන ලෙස ද ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමට අනුව ඒ හිමිනම විසින් විදුලියෙන් ක්‍රියාත්මක විදුලි පහන් නිවා දමා ඇති අතර කෙසේවුවද සූර්ය බලයෙන් ක්‍රියාත්මක විදුලි පහන් නිවා දැමීමට නොහැකි බව වන්දනාකරුවන්ට දන්වා තිබේ.

මේ සිද්ධියත් සමඟ මැද මළුවට විහාරාධිපති හිමිට නොදන්වා මෝටර් රථය ඇතුළු කළ තාරක බාලසූරිය රාජ්‍ය අමාත්‍යවරයා මෝටර් රථය ද එහි දමා පහලටම ගමන් කර ඇත.

එසේ පහලට බැසගිය රාජ්‍ය අමාත්‍යවරයා පසුව මැදමළුවේ වූ මෝටර් රථය පහලට ගෙන්වාගෙන විගස එම පුදබිමෙන් පිටව ගොස් ඇත්තේ ජනතාවගේ හූ හඬ මධ්‍යයේ බවද වාර්තා වේ.

කෙසේවුවද, මැද මළුවේ වූ මෝටර් රථය ජනතාව වටකර ගැනීම නිසා එහි සිටි රියැදුරු දැඩි ලෙස බියට පත්ව වෙව්ලමින් සිටි බවද වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka